Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් ක්‍රිකට් තරග යළි ඇරඹෙයි
III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග

පාසල් ක්‍රිකට් තරග යළි ඇරඹෙයි

editorial - 2021 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග හෙට (22 වැනිදා) සිට 25 වැනිදා දක්වා කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩංගණ‍යේදී පැවැත්වේ. කොරෝනා වසංගතය හේතුවෙන් අතරමැද නතර කර දැමූ මෙම තරගාවලිය මාස 7 කට පමණ පසුව යළි ඇ‍රඹෙන්නේ දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන යටතේය.

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 57 ක් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදුණ අතර ඉන් කණ්ඩායම් 20 ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. දෙවැනි වටයෙන් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර කොරොනා වසංගතය හේතුවෙන් ඉකුත් මැයි මාසයේදී අර්ධ අවසන් පූර්ව වටයේ තරග දින නියමයකින් තොරව කල් දැමිණ.

පෙර අර්ධ අවසන් පූර්ව ව‍ටයේදී මීගමුව ලොයෙලා විදුහල පරාජය කරමින් ඉබ්බාගමුව මැදි විදුහලත්, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පරාජය කරමින් මොරටුව මෙතෝදිස්ත උසස් පාසලත්, රත්නපුර ඇලෝෂියස් විදුහල පරාජය කරමින් වත්තල ශාන්ත ජෝෂප් විදුහලත්, මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල පරාජය කරමින් හංවැල්ල රාජසිංහ විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

ගාල්ල විද්‍යාලෝක විදුහල, යාපනය මැදි විදුහල, මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම සී.බඩ්.ඩබ්. කන්නංගර මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් බදුල්ල මැදි විදුහල, පොලොන්නරුව රාජකීය විදුහල, කොළඹ කේරි විදුහල සහ මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පරාජය කරමිනි.

 

අර්ධ අවසන් පූර්ව වටයේ කාල සටහන
(සියලුම තරග කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩංගණ‍යේදී)
නොවැම්බර් 22 - මොරටුව මෙතෝදිස්ත උසස් පාසල සහ මතුගම සී.බඩ්.ඩබ්. කන්නංගර මැදි විදුහල
නොවැම්බර් 23 - ගාල්ල විද්‍යාලෝක විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල
නොවැම්බර් 24 - වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ යාපනය මැදි විදුහල
නොවැම්බර් 25 - හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ මතුගම ශාන්ත මරියා විදුහල


අදහස් (0)

පාසල් ක්‍රිකට් තරග යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.