Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුග‍්‍රහකත්වය පිළිබදව ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවූ අන්තර් පාසල් වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් හෙට සහ අනිද්දා (1 සහ 2) කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ඉහත සඳහන් දිනවලදී පැවැත්වීමට පාසල් රග්බි සංගමය කලින් තීරණය කර තිබුණ නමුත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය විනිසුරුවන්ට නොලැබීම නිසා පාසල් රග්බි සංගමය විසින් ඊයේ (30) තරගාවලිය කල්දැමීමට පියවර ගත්තේය.
එසේ වුවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා ජාතික රග්බි සංගමයේ සහ පාසල් සංගමයේ නිලධාරීන් කැදවා උද්ගතවී වී ඇති තත්ත්වය පිළිබදව කරුණු විමසා ඇති අතර දරුවන්ගේ තරගාවලිවලට බාධා නොකරන ලෙස එහිදී ජනාධිපතිවරයා පැවසූ බවත් වාර්තා වේ.
තවද පාසල් සංගමය පැවැත්වීමට සූදානම් කර ඇති වයස 18 න් පහළ සත් සාමාජික තරගාවලිය සහ වයස 20 න් පහළ II වැනි කොටසේ සත් සාමාජික තරගාවලිය ඇතුළු තරගාවලි තුනම පවත්වන ලෙසද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ. මෙම සාකච්ඡවට දිවයිනේ ප‍්‍රධානතම පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් 10 දෙනකු පමණ සහභාගි වී සිටි බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර ඇති වූ ගැටුම පිළිබදව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් වීමෙන් පසුව තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (30) රාත‍්‍රි පාසල් බලධාරීන්ට දුරකථනයෙන් දැනුම් දැන් බව වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම ගැටුම්කාරි තත්ත්වය පිළිබදව දනුවත් කිරීම සදහා ඊයේ (30) පස්වරුවේ ජාතික රග්බි සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි නිලධාරීන් පැවසුවේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව මෙම තරගාවලිය පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.