Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාසල් රග්බි තරගාවලිය සඳහා අඛණ්ඩව 13 වන වරටත් අනුග‍්‍රහය දැක්වීමට සිංගර් ශී‍්‍ර ලංකා සමාගම ඉදිරිපත් වී සිටී. ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, මෙම තරගාවලිය සංවිධානය කරයි.
2016 වසරේ 19 න් පහළ රග්බි ලීග් ශූරතාවලිය සඳහා කොටස් 3 ක් යටතේ පාසල් 69 ක් තරග වදිති. මෙම වසරේ ලීග් ශූරතාවලිය තරග 226 කින් සමන්විත වෙයි.
තරගාවලිය අද (18 වැනිදා) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ රාජකීය විදුහල අතර රාජකීය රග්බි සංකීර්ණයේදීද ති‍්‍රත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර මහනුවරදීද පැවැත්වේ.
, වැනි කොටසේ තරගාවලිය කාණ්ඩ 6 කින් පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 36 ක් ඊට සහභාගි වීමට නියමිතය. ,, වැනි කොටසේ තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වීමට නියමිත අතර ඊට කණ්ඩායම් 22 ක් සහභාගි වීමට නියමිතය. ,, වැනි කොටසේ තරගාවලිය සඳහා කණ්ඩායම් 11 ක් තරග වදින අතර එහි කාණ්ඩ 2 කි. මෙම කණ්ඩායම් කුසලාන, පළඟ, බඳුන සහ පළිහ සඳහාද තරඟ වැදීමට නියමිතය.
ශී‍්‍ර ලංකා පාසල් රග්බි ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම අනුග‍්‍රාහයන් වන සිංගර් ශ‍්‍රී ලංකා සමාගම බ‍්‍රැඞ්බි පළිහ තරඟය සඳහා වසර 26ක් පුරා අනුග‍්‍රාහකත්වය දක්වයි.
මෙවර අන්තර් පාසල් රග්බි ශුරතාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය පිරිනැමීමේ අවස්ථාවට එක්වු සිංගර් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ මෙවරත් අන්තර් පාසල් රග්බි ලීග් ශුරතාවලියට සහයෝගය ලබාදීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. මෙය ශ‍්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සලකන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සිංගර් සමාගමේ දායකත්වය නිසාම මේ වනවිට මෙරට දුෂ්කර පළාත් වල ද රග්බි ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවත්, පසුගිය වසර 12 පුරා අන්තර් පාසල් රග්බි ලීග් තරඟාවලියට අනුග‍්‍රාහකත්වය දැක්වීම පිළිබඳව සිංගර් ශ‍්‍රී ලංකා සමාගම වෙත ස්තුතිවන්ත වන බවත් ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය.
සිංගර් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා විසින් ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව. ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමයේ භාණ්ඩාගාරික කේ. එන්. විජේරාම, සිංගර් ශී‍්‍ර ලංකා සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ සහ ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් යන මහත්වරුද ඡුායාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.