Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වාර්ෂික පාසල් රග්බි තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බලන අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය හෙට (3) ආරම්භ වෙයි. හෙට පස්වරුවේදී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සඳහා වත්මන් ලීග් ශූරයන් වන කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමත් මහනුවර කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායමත් රාජකීය විදුහල් රග්බි ක්‍රීඩා සංකීර්ණයට පිවිසෙති.
කාණ්ඩ 3 ක් යටතේ කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවත් තරග වදින මෙවර තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ පළමු කොටස වට දෙකකින් සමන්විතව පැවැත්වෙයි. ලීග් ශූරයන් තෝරාගන්නා මේ කණ්ඩායමේ ඒ සහ බී කොටස් දෙකට කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වී තිබේ.
පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම සිය කොටසේ ප්‍රතිවාදී කණ්ඩායම් 5 සමග තරග වදින අතර දෙවැනි වටයේදි ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 බැගින් කුසලාන වටයට තරග වදිනු ඇත. අදාළ කොටසේ පහළ කණ්ඩායම් 2 බැගින් පළිහ ශූරතා තරගාවලියට එක්වන්නේ බී කාණ්ඩයේ පළමු කොටසේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4ක් සමගය.
මෙවර තරගාවලියට පාසල් 15 ක් අලුතින් එක්වී සිටින අතර එම කණ්ඩායම් සී කාණ්ඩයට එක්වී සිටිති. ඒ අතරට යාපනය නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 3ක් එක්වී සිටි.
රාජකීය විදුහල් පිල පසුගිය වසරේ ලීග් රග්බි ශූරතාව දිනාගනු ලැබුවේ ඕවින් ඇස්කේගේ නායකත්වය යටතේය. මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 22-17 ක ජයක් වාර්තා කරමින් රාජකියයෝ ලීග් රග්බි ශූරතාවට හිමිකම් කීහ.
දෙපිල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට බ්‍රැඞ්බි පළිහ තරග ද්විත්වයේ පළමු තරගය ලෙස පල්ලෙකැලේ පිටියේ පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග රාජකීයයෝ ලීග් රග්බි කිරුළ දිනුවේ 12 වැනි වතාවටය. එවර අනශූරයන් බවට පත්වූයේ පාසල් රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායමක් වන ඉසිපතන විදුහලය.
මෙවර තරගාවලියේ පළමු කොටසට ‘ඒ’ කාණ්ඩයෙන් කොළඹ රාජකීය, ත්‍රිත්ව, ශාන්ත ජෝශප්, ශාන්ත තෝමස්, ශාන්ත අන්තෝනි සහ කිංග්ස්වුඞ් විදුහල්ද, ‘බී’ කාණ්ඩයෙන් ඉසිපතන, වෙස්ලි, ශාන්ත පීතර, සහිරා, ධර්මරාජ සහ ඩී.එස්.සේනානායක විදුහල් ද තරග වදිති.
‘ඒ‘ කාණ්ඩයේ පළමු වටයේ මුල් තරග කිහිපය මෙසේය.
මාර්තු 3
කොළඹ රාජකීය - කිංස්වුඞ් විදුහල් අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
මාර්තු 7
ඉසිපතන - ඩී.එස්.සේනානායක විදුහල් අතර හැව්ලොක්ස් පිටියේදි
මාර්තු 10
වෙස්ලි - ධර්මාරාජ විදුහල් අතර කොළඹ තුරඟ තරග පිටියේදි
සාන්ත පීතර - මරදාන සහිරා විදුහල් අතර හැව්ලොක්ස් පිටියේදි
මාර්තු 11
ත්‍රිත්ව - ශාන්ත අන්තෝනි විදුහල් අතර නිත්තවෙලදී
සාන්ත ජෝශප් - සාන්ත තෝමස් විදුහල් අතර හැව්ලොක්ස් පිටියේදි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.