Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කරන ඩී. එස්. අයි. සුපර්ස්පොර්ට්ස් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඩී. එස්. අයි. පාවහන් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 4000 ක ඉක්මවයි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව පිළිබඳව කුඩා දරුවන් තුළ ඇති උනන්දුව වැඩි කිරීමේ අරමුණින් ඩී. එස්. අයි. සුපර්ස්පොර්ට් වොලිබෝල් තරගාවලි ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලියේදී වයස 13 න් පහළ වයස් කාණ්ඩයේ තරග ඇතුළත් කර තිබේ.
අදියර දෙකකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු අදියර මැයි මස 20 වැනිදා සිට ජූනි මස 12 වැනිදා දක්වා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර දෙවැනි අදියර ජූනි මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ජාතික මට්ටමින් පැවැත්වේ.
එහිදී සෑම දිස්ත්‍රිකයකම ඒ ඒ වයස් කාණ්ඩ වල ශූරයන් සහ අනුශූරයන් මෙන්ම ශූරියන් සහ අනුශූරියන්ද ජාතික මට්ටමේ තරග සඳහා තෝරා ගැනේ. තරගාවලියේ අවසන් මහ තරග සැප්තැම්බර් මස 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
දිවයිනේ ඕනෑම පාසලකට මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් දිවයින පුරා පිහිටි ඩී. එස්. අයි. ප්‍රදර්ශනාගාර වලින් මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින්, කලාප අධ්‍යාපන කාර්යාල වලින් සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත හැකිය.
සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ඩී. එස්. අයි. සුපර්ස්පොර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය, අලෙවි අංශය, ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට යොමුකළ යුතු අතර ලඟම පිහිටි ඩී. එස්. අයි. ප්‍රදර්ශනාගාරයකට භාරදීමද කළ හැකිය.
ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් දිසානායක මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව... ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. ජී. එස්. එරන්දික, එහි ලේකම් ඒ. එස්. නාලක, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ සහ සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ අධ්‍යක්ෂ කෞෂල්‍යා පෙරේරා යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.
එච් එස් සිල්වා Sunday, 18 June 2023 07:15 PM
DSI පාසල් වොලිබෝල් තරඟාවලියට අයැදුම්පත් ලබා දෙන්නේ කෙසේද?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.