Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ දෙවැනි තරගාවලිය හෙට (1 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. පාස්කු සැමරුම වෙනුවෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය අනු තරග 4 කින් සමන්විත අතර ඒ සඳහා අසුන් 39 ක් සහභාගි වීමට නියමිතය.
පළමු කාණ්ඩයේ සහ දෙවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැත්වෙන මීටර් 1600 කින් සමන්විත තරගය මෙම තරගාවලියේ ප්‍රධානම තරගය ලෙස හැදින්විය හැකිය. කාල්ටන්, මෙහෙරාන්, පර්ෂූරාම්, බි්‍රලියන්ට් කට්, රොස්වල්ඞ්, සිල්වර් ස්ටී්‍රක්, සන්තෝෂ්, චාලමේන්, එරිකා වොන්ඩර්, කැමෝරා සහ චුල්බුල් පාණ්ඬේ එම තරගයට ඇතුළත්ව සිටින අසුන් 11 දෙනා වෙති.
ඉකුත් මාර්තු මාසයේදී පැවැති තුරඟ තරගාවලියේ ප්‍රධානම තරගය වූ මහ ඇමති අභියෝග කුසලාන තරගය ජයගත් දීප්තිකා ජයකොඩි මෙනවියගේ අල්කසබා අසු මෙම තරගාවලියට සහභාගි නොවේ.
තෙවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැත්වෙන තරගය මීටර් 1400 කින් සමන්විත වන අතර ඒ සඳහා සහභාගි වීමට නියමිත අසුන් සංඛ්‍යාව 6 කි. සිවුවැනි කාණ්ඩයේ අසුන් සඳහා පැවැත්වෙන තරගයට අසුන් 12 ක්ද, පස්වැනි කාණ්ඩයේ අසන් සඳහා පැවැත්වෙන තරගයට අසුන් 10 ක්ද ඇතුළත්ව සිටින අතර එම තරග දෙකම මීටර් 1070 ක දුරකින් සමන්විත වේ.
මෙම තරගාවලියෙන් පසු නුවරඑළිය වසන්ත සැණකෙළි සමය වෙනුවෙන් අප්‍රේල් මස 15 සහ 28 යන දිනවලදී මැජික් මිලියන් කුසලාන තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ලෙස තවත් තරගාවලි 2 ක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.