Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර තරගයේදී මෙම මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඉකුත් වසරේ (2022) ජූලි මාසයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයෙන් පසුව මේ දක්වා පැතුම්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. ඒ අනුව ඔහු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින්නේ වසරකට පමණ පසුවය.
මේ දක්වා ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කර ඇති පැතුම් එහිදී ඉනිම් 15 ක් තුළ ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 537 කි. ටෙස්ට් තරගවලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 38.35 ක අගයක් ගනී.
වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගාවලිය සඳහා තෝරාගෙන තිබුණද, මේ වන විට ඔහු ඩෙංගු උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් ඔහු වෙනුවට වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක සංචිතයට කැඳවා සිටියි.
අවසන් වරට අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතරින් ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත සහ මිලාන් රත්නායක යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී සංචිතයේ ස්ථාන අහිමි වී ඇත.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිෂාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (උප නායක), පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක, විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂිත මනසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.