Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැය කිහිපයකින් තේරීම් කමිටු අනුමැතිය අවලංගුකරයි

පැය කිහිපයකින් තේරීම් කමිටු අනුමැතිය අවලංගුකරයි

editorial - 2021 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝක කෙටි දුර (මීටර 25) පිහිනුම් ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය ලබා දී පැය කීපයක් ඇතුළතදී එය අවලංගු කිරීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගත් බව වාර්තාවේ.  අබුඩාබි නුවරදී ලබන දෙසැම්බර් 16 සිට 21 වැනිදා දක්වා මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරාගන්නා ලද  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන හතරකි.

ජාතික ජල ක්‍රීඩා තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පෙරේදා (9) සිය අවසන් අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අකලංක පීරිස්, චිරන්ත ද සිල්වා, ගංගා සෙනවිරත්න හා භක්ති කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කෙටි දුර පිහිනුම් කණ්ඩායමට ලෝක ශූරතා තරග සංචාරය සඳහා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙතින් අවසන් අනුමැතිය ලැබී තිබුණි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද (10 වැනිදා) ලිඛිත දැනුම්දීමක් කරන ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම්  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලෝක ශූරතා ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට ලබාදුන් අනුමැතිය ඉවත් කර ගත් බවත් සුදුසු ක්‍රියාමාර්ග ඉදිරියේදි දැනුම් දෙන බවත් දන්වා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩිකාවකගේ පැමිණිල්ලක් සහ ඒ හරහා ඉදිරිපත් වූ බලපෑම් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුමැතිය හදිසියේ ඉවත් කරගෙන තිබේ.  පිහිනුම් තේරීම් කමිටුවේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කුමන තත්ත්වයක් මැද වුවද වෙනස් නොකිරීමට තීරණය කර තිබේ.

වසර 2019 සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විමර්ශනය කරමින් ජාතික පිහිනුම් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා තෝරාගෙන තිබේ. ඒ සඳහා විදේශීය (ජාත්‍යන්තර) තරග සහභාගිත්වය පමණක් සැළකිල්ලට ගන්නා ලෙස ඇතැම් පාර්ශ්ව ජාතික පිහිණුම් තේරීම්  කමිටුවෙන් කර ඇතැයි කියන ඉල්ලීමක්ද එහිදී ප්‍රතික්ෂේප වුණු බව වාර්තාවේ.


අදහස් (0)

පැය කිහිපයකින් තේරීම් කමිටු අනුමැතිය අවලංගුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.