Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැරලිම්පික් කණ්ඩායමෙන් පදක්කම් වැඩි ගණනක බලාපොරොත්තු
ආසියානු පැරා ක්‍රීඩා 2023

පැරලිම්පික් කණ්ඩායමෙන් පදක්කම් වැඩි ගණනක බලාපොරොත්තු

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් 20 ක් හෝ ඊට වැඩියෙන් දිනාගැනීම ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කණ්ඩායමේ ඉලක්කය වී තිබේ. 2018 ජකර්තා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයෝ රන් පදක්කම් 6 ක් ඇතුළුව පදක්කම 15ක් හිමිකරගත්හ. 

ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 20 සිට 28 වැනිදා දක්වා චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙයි. රන් පදක්කම් ලාභී හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ප්‍රමුඛ 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායම මේ මස 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

“චීනය, කොරියාව සහ ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙල වලදී  පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුනා. ආර්ථික අර්බුද තිබුණත්, පුහුණුවීම්වලට යම් සීමාවීම් පනවා තිබියදී පවා අපි පසුගිය දිනවල පුහුණුවීම් කළා“

“එනිසා හංජෝ නුවරදී හිදී වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනාගැනීමේ දැඩි විශ්වාසයකින් අප ඉන්නවා“ යැයි ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා පැවසීය. 

 ආසියාවේ රටවල් 43 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 4000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 20 කින් තරග වදිති.  ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, සවි එසවීම, ඔරු පැදීම, පිහිනුම්, මේසපන්දු සහ රෝදපුටු ටෙනිස් යන ක්‍රීඩා වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති. 

සිව්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායමට ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය හිමිවී තිබේ. 

26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායත්වය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් දරයි.  ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා ලෙසින් ලුතිනන් කර්නල් දීපාල් හේරත් පත්කර තිබේ. 

 

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කණ්ඩායම 

දිනේෂ් ප්‍රියන්ත - හෙල්ල විසි කිරීම (එෆ්-46 කාණ්ඩය)
සමිත දුලාන් - හෙල්ල විසිකිරීම (එෆ්-44 කාණ්ඩය) 
පාලිත බණ්ඩාර - යගුලිය විසිකිරීමේ (එෆ්- 42 කාණ්ඩය) 
මධුරංග සුබසිංහ - මීටර 400 (ටී-47 කාණ්ඩය) 
කුමුදු ප්‍රියංකර - මීටර 100 සහ දුර පැනීමේදී (ටී 45/46 කාණ්ඩය)
රංජන් ධර්මසේන - රෝදපුටු ටෙනිස් 
සම්පත් බණ්ඩාර - දුන්නෙන් විදීම
මහේෂ් ජයකොඩි - ද ඔරු පැදීම
ගලින බස්නායක -  පිහිනුම්

 

ඩයලොග් ආසිආටා පී එල් සී හි අවදානම් කළමණාකරණය සහ තිරසාරත්වය පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් වෙත අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අවස්ථාව.  ඩයලොග් ආසිආටා පී එල් සී හි සන්නාම, මාධ්‍ය හා සමූහ අලෙවිකරණ  අංශයේ උප සභාපති හර්ෂ සමරනායක සහ  ජාතික පැරාලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්  කාංචනා  ප්‍රදීපා ද සිල්වා මහත්මියත් ඡායාරූපයේ සිටිති. 

- 223 


අදහස් (0)

පැරලිම්පික් කණ්ඩායමෙන් පදක්කම් වැඩි ගණනක බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.