Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැසිපන්දු පිල පළමු ජය වාර්තා කරයි

පැසිපන්දු පිල පළමු ජය වාර්තා කරයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 3×3 පැසිපන්දු පිරිමි ඉසව්වේ වියට්නායම කණ්ඩායමට එරෙහිව අද (24) පැවැති තරගයකදී සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරගයේදී ලකුණු 21-7 ක් ලෙස වියට්නාමය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 21 න් 20 කටම හිමිකම් කීමට බ්‍රෙන්ට් තේවකුමාර් සමත් විය.

කෙසේ වුවත් එම තරගයෙන් අනතුරුව අද පස්වරුවේ පැවැති තවත් තරගයකදී ඉන්දුනීසියාව හමුවේ ලකුණු 18-12 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. මින් පෙර පැවැති තරග වලදී චීනය හමුවේ ලකුණු 21-14 ක් ලෙසද, තායිලන්තය හමුවේ 20-10 ක් ලෙසත් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

 

-036

 


අදහස් (0)

පැසිපන්දු පිල පළමු ජය වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.