Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බී. එන්. පී. පරිබාස් ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ තරග මාලාවේදී තරග 2-1 පැසිෆික් කලාපීය කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව අද (19 වැනිදා) සමත් විය.
‘ඒ’ කොටස යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව, අද පැසිෆික් කලාපීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග මාලාවේදී එක් කේවල තරගයක් සහ යුගල තරගය ජයගත් අතර එක් කේවල තරගයක් පරාජයට පත් විය.
පළමු කේවල තරගයේදී පැසිෆික් කලාපීය කණ්ඩායමේ හේව් කේලී වට 2-0 ක් (6/1, 6/3) ලෙස පරාජය කළ හර්ෂණ ගොඩමාන්න තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය.
එහෙත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් (6/4, 6/4) ලෙස කොලින් සින්ක්ලේයාර් හමුවේ ශාමල් දිසානායක පරාජයට පත්වීමත් සමග පැසිෆික් කලාපීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.
කෙසේ වුවත් යුගල තරගයේදී වට 2-0 ක් (6/3, 6/1) ලෙස බ්‍රෙට් බවුන්ඬේන්ට් සහ අයිමෙරික් මේරා පරාජය කළ හර්ෂණ සහ ශාමල් ශ්‍රී ලංකාවට තරග 2-1 ක ජයක් හිමිකර දුන්හ. එම ජයග්‍රහණයත් සමගින් තවදුරටත් ‘ඒ’ කොටසේ පෙරමුණ රැක ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය සිරියාවට එරෙහිව හෙට (20 වැනිදා) පැවැත්වෙන අතර ජෝර්දානය සහ පැසිෆික් කලාපීය කණ්ඩායම අතර තරගයද හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
‘බී’ කොටසේ අද පැවැති තරග වලදී ජය ලැබීමට ලෙබනනය සහ කුවේට් රාජ්‍යය සමත් විය. එහිදී ලෙබනනය හමුවේ මැලේසියාව තරග වට 2-1 ක් ලෙසද, කුවේට් රාජ්‍යය හමුවේ තර්ක්මේනිස්තානයද තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.