Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිහිනුම් තරගාවලියට මලල ක්‍රීඩා විනිසුරුවරුන්

පිහිනුම් තරගාවලියට මලල ක්‍රීඩා විනිසුරුවරුන්

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ක්‍රීඩා සංකීර්ණයේදී ඉකුත් සතියේ පැවැත්වීමට නියමිතව තිබූ මධ්‍යම පළාත් ජාතික පාසල් පිහිනුම් තරඟාවලිය සඳහා ජල ක්‍රීඩා විනිසුරු සංගමයේ විනිසුරුවරුන් වෙනුවට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ජවන හා පිටිය ක්‍රීඩා විනිසුරුවරුන් කැඳවා තිබූ බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මවුපියන් හා පුහුණුකරුවන් විරෝධය දැක්වීම නිසා තරගාවලිය පැවැත්වීමට නොහැකි විය.

මෙම පිහිනුම් තරගාවලියට සහභාගිවීම සඳහා මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල ප්‍රමාණයක් එදින පල්ලෙකැලේ ක්‍රීඩා සංකීර්ණයට පැමිණ සිටියහ.  ඔව්හු විශාල මුදලක් වැය කරමින්, පෞද්ගලික ප්‍රවාහන පහසුකම් පවා සපයාගෙන දෙමව්පියන් සහ පුහුණුකරුවන් සමගපැමිණ සිටියහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩා ඉසව් වලට සහභාගි වීම සඳහා ඇඟ උණුසුම් කර ගැනීමේ ව්‍යායාම පවා කිරීමෙන් පසුව, පිහිනුම් තටාකය අසලට පැමිණි විට දැකගත හැකි වී ඇත්තේඑ හි තරඟ විනිශ්චය කිරීම සඳහා පිළිගත් තරග විනිසුරුවරුන් වෙනුවට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් ජවන හා පිටිය ක්‍රීඩා විනිසුරුවරුන් කැඳවා තිබෙන අයුරුයි.

මේ සම්බන්ධයෙන් පාසල් පුහුණු කරුවන් සහ දෙමව්පියන් දැඩි විරෝධයක් එල්ල කළ අතර අවසානයේ තරගාවලිය දින නියමයක් නැතිව කල්දැමීමට තීරණය කෙරුණි .

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීමකදී ක්‍රීඩාවට සම්බන්ධ ඉහළ නිලධාරියකු පවසා සිටියේ ජල ක්‍රීඩා විනිසුරු සංගමයේ විනිසුරුවරයකු තරග විනිශ්චය කිරීම සඳහා රුපියල් 3000 ත් - 5000 ත් අතර මුදලක් අය කරන බවත් චක්‍රලේඛ වලට අනුව විනිසුරුවරයෙකුට ගෙවිය හැක්කේ රුපියල් 1500 ක් වැනි මුදලක් බවත්ය. ඒ හේතුවෙන් ජවන හා පිටිය විනිසුරුවරුන්යොදා ගැනීමට පියවර ගත් බවත් එම ඉහළ නිලධාරියා පැවසීය.

අර්බුද රැසක් පවතින මෙවැනි කාලසීමාවක දරුවන් සහ දෙමව්පියන් මෙම ක්‍රීඩා සංකීර්ණයට කැඳවීමට පෙර, ගෙවීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹ තිබුණේ නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ආකාරයට අපහසුතාවට පත් නොවන බව දෙමාපියෝ පවසති .

කල් දැමුණු මධ්‍යම පළාත් ජාතික පාසල් පිහිනුම් තරගාවලිය ඔක්තෝබර් මස මැද භාගයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි .


අදහස් (0)

පිහිනුම් තරගාවලියට මලල ක්‍රීඩා විනිසුරුවරුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.