Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීඩනය දකුණු අපි‍්‍රකානුවන් මත

පීඩනය දකුණු අපි‍්‍රකානුවන් මත

ශනුක අරවින්ද - 2013 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 2 ‐ 0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ ජයග‍්‍රහණය මිට මොළවා ගැනීමට ජයග‍්‍රහණයක් මෑතින් සිටියදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම හෙට (26 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයට පිවිසෙන්නේ කෙසේ හෝ මෙම තරගය ජයගෙන තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමේ බලාපොරොත්තු ඇතිවය.

මෙම තත්ත්වය මත, දකුණු අපි‍්‍රකානු පිල මත අනපේක්‍ෂිත පිඩනයක් පතිතවන හෙයින්, තරග දෙකක තහනමකින් පසුව නැවතත් නායකත්වයට පැමිණෙන ඇන්ජලෝ මැතිව්ස්ගේ කාර්යය තරමක් පහසු වී තිබේ.

”පසුගිය තරග දෙකම අප දිනාගත්තේ ඉතාමත් පහසුවෙන් වුණත් දකුණු අපි‍්‍රකානුවන් කියන්නේ පහසුවෙන් පරාජය කරන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි”
”මේ තරගයේදී වුණත් අපට ලේසි වෙන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් හොඳින් කී‍්‍රඩා කරලා ඔවුන් පරද්දන්න  ඕනේ” යයි නායක ඇන්ජලෝ මැතිව්ස් අද (25 වැනිදා) දහවල් පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.

කොළඹදී පැවැති පළමු එක්දින තරග දෙකම ඉතා පහසුවෙන් ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ තමන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 107 සිට 110 දක්වා ඉහළ දමාගෙන සිවුවැනි ස්ථානයේ පසුවෙයි. ප‍්‍රසාද ලකුණු 107 ක් හිමි දකුණු අපි‍්‍රකානු පිල පස්වැනි ස්ථානයට පත්වී සිටී.
එබැවින් හෙට තරගයේ තීරණය මත එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ දෙපිලේ ස්ථාන තීරණය වනු නිසැකය.

කෙසේ වෙතත් හෙට තරගයේදී ළහිරු තිරිමාන්නගේ සේවය ශී‍්‍ර ලංකා පිලට නොලැබී යාමට බොහෝ සෙයින් ඉඩ තිබේ. දෙවැනි එක්දින තරගයේදී මෝනේ මෝකල්ගේ පන්දුවක් ඇලපත පෙදෙසට වැදීම නිසා ආබාධයකට ලක්වූ තිරිමාන්නගේ තත්ත්වය තරග කිරීමට තරම් සුදුසු තත්ත්වයක නැති බවත් දැනගන්නට ඇත.
”පෙනෙන විදිහට නම් ඒක ඒ තරම්ම හොඳ තත්ත්වයක නෑ. ඒත් අපි හෙට උදේටත් ඒ ගැන බලලා තමයි තීරණයක් ගන්නේ” යයි මැතිව්ස් පවසයි.

එහෙත් මෙම තත්ත්වය ඇතැම්විට ජෙහාන් මුබාරක්ට කණ්ඩායමේ රැඳී සිටීමේ තවත් අවස්ථාවක්ද විය හැකිය. මක්නිසාද යත් තිරිමාන්න මෙන්ම ජෙහාන් මුබාරක්ද වමතින් පන්දුවට පහර දෙන, මැද පෙළ පිතිකරුකු වන බැවිනි.

”කොහොම වුණත් අප තේරීම් කමිටුව සමගත් කතා කරලා තමයි අවසන් තීරණයකට එන්නේ” යයිද ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

පසුගිය මැයි 29 වැනිදා සිට දින 43 ක් පල්ලෙකැළේ ප‍්‍රදේශයට වර්ෂාව ඇද හැළී තිබෙන නමුත් අවසන් සතියේදී තරමක වියළි කාලගුණයක් පැවතිණ. එහෙත් ඉකුත් දින හතරේදීම රාති‍්‍රයේ දැඩි වර්ෂා පතිත වු බව කී‍්‍රඩාංගණයේ තණතීරු ඇතිරීමේ නිරතව සිටින සේවකයෝ පවසති.

එවන් අසීරු තත්ත්වයන් යටතේත්, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ තණතීරුව පරෙස්සම් කරගැනීමට එහි ප‍්‍රධාන තණතීරු සැකසුම්කරුවා වන අසිත විජයසිංහ මහතා සමත් විය.

”තණතීරුව ඉතාමත් වියළි තත්ත්වයක තියෙන්නේ. අපි අතිරේක ද`ග පන්දු යවන්නෙක් යොදා ගන්නවා නම් අජන්ත මෙන්ඩිස්ට හෙට තරගයේදී හොඳ අවස්ථාවක් තියෙනවා” යයිද ඇන්ජලෝ මැතිව්ස් පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.

දකුණු අපි‍්‍රකානුවන් දග පන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතාත්, මෙම කී‍්‍රඩාංගණයේදී අජන්ත මෙන්ඩිස් සතුව පවතින අද්වීතීය වාර්තාවත් හේතුවෙන් හෙට තරගයේදී අජන්ත මෙන්ඩිස්ට අවස්ථාව ලැබීමේ වැඩි ඉඩක් පවතී.

මෙම තරගාවලියේදී 5 ‐ 0 ක ජයක් ලබාගැනීමේ අපේක්‍ෂා පිළිබඳව කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”අප දැන් සිතා බලන්නේ දැනට අප ඉදිරියේ ඇති තරගය ගන පමණයි....වැදගත්ම දේ අප තවමත් මේ තරගාවලිය ජයගෙන නෑ. ඒ නිසා පළමුව තරගාවලිය ජයගන්න  ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතරේ ශී‍්‍ර ලංකාවේදී මෙතෙක් පැවැති එක්දින අන්තර්ජාතික තරග 13 කින් 11 කම ජයග‍්‍රාහකයන් වී ඇත්තේ ශී‍්‍ර ලංකාවයි. තරගයක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අතහැර දමා තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතය :
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්

දකුණු අපි‍්‍රකානු සංචිතය:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, ක්වින්ටින් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසි, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රෝරි ක්ලින්වෙල්ට්, රයාන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මෝකල්, කි‍්‍රස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැන්ගිසෝ සහ ලොන්වාබෝ සොත්සෝබි

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිට)


 


අදහස් (4)

පීඩනය දකුණු අපි‍්‍රකානුවන් මත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.