Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුකොව්ස්කි ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට

පුකොව්ස්කි ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආශ්චර්යමත් තරුණ පිතිකරු විලියම් පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නම්කර ඇත.

ඉන්දියාව හමුවේ පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පරාජයවූ අතර එහිදී ලකුණු අතරට නොපැමිණි මාෂ් සහෝදරයෝ, ඒරන් ෆින්ච් සහ පීටර් හැන්ඞ්ස්කොම්බ් 13 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර ඇත.

දකුණු අප්‍රිකාව සමගින් පසුගිය වසරේ පැවැති තරගාවලියෙන් පසුව පළමු වරට මාකස් හැරිස් සමගින් ඉනිම ඇරඹීම සඳහා ජෝ බර්න්ස් සංචිතයට කැඳවීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගත්තේය.

දේශිය තරගාවලියක් වන ශෙෆීල්ඞ් ශීල්ඞ් තරගාවලියේදී දස්කම් දැක්වූ මැට් රේන්ෂෝ සමගින් ජෝ බර්න්ස්ට තරගයක් පවතින්නේය.

ඉන්දීය තරගාවලියට එක්වූ වේගපන්දු යවන්නන්වූ මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඞ්, පැට් කමින්ස් සහ පීටර් සිඞ්ල් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහාද නම්කර ඇත.

ඉන්දියාවට එරෙහි තරගාවලිය පරාජයට පත්වූයේ ඕස්ට්‍රේලියානු පිතිකරුවකු ශතකයක් ලබාගැනීමට අසමත්වීම හේතුවෙන් බවත් ඒ ගැන සැකයක් නොමැති බවත් ජාතික තේරීම් කමිටු නිලධාරී ට්‍රේවර් හෝන්ස් මහතා පැවසීය.

“අවසානයේදී ශෝන්, මිචෙල්, ඒරන් සහ පීටර් ටෙස්ට් මට්ටමේ ඔවුන්ගෙන් අපේක්‍ෂිත දස්කම් අතරට නොපැමිණි බව” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ඔවුන්ට හොඳ අවස්ථාවක් ලබාදුන්නා. නමුත් අපට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාදීමට ඔවුන් අසමත් වුනා”
ඔවුන්ට ජාතික කණ්ඩායමේ දොරටු වැසී නොමැති බවත් දේශීය තරගාවලියට ක්‍රීඩාකර එහිදී දස්කම් දක්වා නැවතත් කණ්ඩායමට එක්විය හැකිබව හෝන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

“සෑම දරුවෙකුගේම සිහිනයක්” පුකොව්ස්කිගේ පුදුම සහගත කැඳවීම සම්බන්ධයෙන් රිකී පොන්ටින් මහතා පැවසීය.

20 හැවිරිදි ඔහුට බැබලෙන පිතිකරණ හැකියාවක් ඇති බවත් වයස 21 න් පහළ තරගාවලියකදී වික්ටෝරියා කණ්ඩායම වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් බවත් පොන්ටින් මහතා වැඩිදුරටත් පැවසීය.

පළමු පෙළ තරග 8 කට ක්‍රීඩාකර ඇති පුකොව්ස්කි එහිදීද ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්විය. ඉන්පසුව මානසික ආබාධයක් හේතුවෙන් ටික කළකට ක්‍රීඩාවෙන් ඈත්වී සිටියේය.


ඕස්ට්‍රේලියා සංචිතය
ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාකස් හැරිස්, ජොෂ් හේසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, උස්මාන් කවාජා, මානස් ලබුස්චේන්, නේතන් ලයන්, ටිම් පේන් (නායක), විලියම් පුකොව්ස්කි, මැට් රේන්ෂෝ, මිචෙල් ස්ටාර්ක්, පීටර් සිඞ්ල්.

ඕස්ට්‍රේලියා පුහුණ තරගයේ සංචිතය
ජෝ බර්න්ස් (නායක), කර්ටිස් පීටර්සන්, ස්කොට් බෝලන්ඞ්, ජේක් ඩෝරන්, ජෝන් හෝලන්ඞ්, මානස් ලබුස්චේන්, මයිකල් නේසර්, විලියම් පුකොව්ස්කි, ජේසන් සංඝා, මැට් රේන්ෂෝ, ක්‍රිස් ට්‍රිමේන්.

 


අදහස් (0)

පුකොව්ස්කි ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.