Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවීමෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වෙන අන්තර් පාසල් වයස 20 න් පහළ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය වන අද (01) පාසල් රග්බි පිටියේ ප‍්‍රබල පාසල් අණසක පැතිරවීමට සමත් වූහ. අද පස්වරුවේ තරග අවසන් වන විට කොළඹ පාසල් 5 ක් සහ මහනුවර පාසල් තුනක් 3 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්ව සිටියහ.
ශාන්ත පීතර විදුහල, කොළඹ රාජකීය විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, මහනුවර ත‍්‍රිත්ව විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, වෙස්ලි විදුහල සහ ඉසිපතන විදුහල හෙට දිනයේ අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (02) ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ පළමු වටයට කණ්ඩායම් 32 ක් සහභාගි වූ අතර පළමු වටයේ තරග 16 ක් පැවැත්විණි.
ශ‍්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අනුග‍්‍රාහකයන් පිළිබදව ඇති වී තිබෙන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමූ අතර අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට අවස්ථාව උදාවිය.
පෙර අර්ධ අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල
ඡායාරූපය - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.