Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැති ‘පල්සර් පවර් එන්ඩියුරන්ස් කාර්ටින්’ ශූරතාවලියේ පළමු වටයේ ශූරතාව දිනාගැනීමට බී. කේ. එම්. එස්. රේසිං කණ්ඩායම සමත් විය. නියමිත පැය 6 ක කාලය තුළදී වට 562 ක් ධාවනයේ යෙදෙමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
ශානකී පෙරේරා, බ්‍රයන් පෙරේරා, කෙවින් පෙරේරා, උෂාන් පෙරේරා, ලකී චමින්ද සහ අමිල සම්පත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බී. කේ. එම්. එස්. රේසිං කණ්ඩායම නියෝජනය කළහ.
තන්ඩර්බොල්ට් රේසිං කණ්ඩායම සහ එස්. එල්. ආර්. මෝටර් ස්පෝර්ට් කණ්ඩායම පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත් වූ අතර එම කණ්ඩායම් දෙකම පැය 6 තුළදී වට 560 බැගින් සම්පූර්ණ කළහ.
ලෙස්ටර් කැරන්, ජේසන් කැරන්, ඉෂාන් පීරිස්, ජනිත පීරිස්, සෞරිකා ලිවිඳු, අසංක ගයාන් සහ එම්. ඩී. එස්. අයි. ගුණතිලක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තන්ඩර්බොල්ට් රේසිං කණ්ඩායම නියෝජනය කළ අතර රාම්කුමාර් තීපකුමාර්, රමේෂ් පෙරේරා, දුලවින් මෙන්ඩිස් සහ ෂියාන් අරඹවත්ත යන ක්‍රීඩකයෝ එස්. එල්. ආර්. මෝටර් ස්පෝර්ට් කණ්ඩායම නියෝජනය කළහ.
මෙහිදී එක් කණ්ඩායමකට රියැදුරන් සහ සහයකයන් ඇතුළුව සාමාජිකයෝ හය දෙනෙක් පමණ ඇතුළත් වූහ. එක් කණ්ඩායමක් පැය 6 ක් පුරා නොනවත්වා ධාවනයේ යෙදිය යුතු වූ අතර එහිදී රියැදුරන් විටින් විට මාරු කෙරිණ.
වේඩිඞ් පීරිස් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර ඇසට්ලයින් ලීසිං සමාගම උප ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
![]() |
![]() |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.