Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙල්ප්ස් 22 වැනි රන් පදක්කම දිනයි

පෙල්ප්ස් 22 වැනි රන් පදක්කම දිනයි

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී දැන් පැවැත්වෙන 31 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ඇමරිකානු සුපිරි පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ඊයේ (11) මීටර 200 කේවල මිශ්‍ර (පිරිමි) ඉසව්ව ජය ගනිමින් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සිය 22 වැනි රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

31 හැවිරිදි පෙල්ප්ස් සහභාගිවන අවසන් ඔලිම්පික් උළෙල මෙය වන අතර ඊයේ ඔහු රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 1 තත්පර 54.66 කටය. මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩකයකු බවට පත්ව සිටින ඔහු පෙරේදා රන් පදක්කම දිනා ගැනීමත් සමග මේ දක්වා ඔහු දිනා ඇති ඔලිම්පික් මුඵ පදක්කම් ගණන 26 කි.

එය මේ දක්වා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ එක් ක්‍රීඩකයකු විසින් දිනා තිබෙන වැඩිම පදක්කම් ගණන ද වන්නේය. ඔහුට පසුව මේ දක්වා ඔලිම්පික් වැඩිම පදක්කම් දිනා ගත් ලොව දෙවැනියා වන්නේ රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා ලැරිසා ලැටිනියා විසිනි. එම පදක්කම් ගණන 18 කි.

පෙල්ප්ස් මේ දක්වා රියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් හතරක් දිනා තිබෙන අතර රියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු සහභාගි වන අවසන් පිහිනුම් ඉසව්ව හෙට (13) පැවැත්වීමට නියමිතය. ඒ මීටර 100 සමනල ආර (පිරිමි) ඉසව්වේ අවසන් තරගයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පහකදී එතෙක් වැඩිම පදක්කම් දිනාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමින් ඔහු අද ඔලිම්පික් ක්‍රීඩා දිවියට සමු දෙනු ඇත.


- 090

 


අදහස් (0)

පෙල්ප්ස් 22 වැනි රන් පදක්කම දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.