Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ අදටයි” යයි ගෝල්ඞ් කෝස්ට් තරගාවලි සංවිධායකයෝ කියති. හෙට (04 වැනිදා) ආරම්භ වන තරගාවලිය මේ මස 15 වැනිදා දක්වා පැවැත්වෙයි.
ඕස්ට්‍රේලියාවේ නැගෙණහිර පෙදෙසේ පිහිටි අති රමණීය වෙරළ තීරයකින් මෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් සමන්විත උද්‍යාන ගණනාවකින්ම සමන්විත ගෝල්ඞ් කෝස්ට් නගරයේදී පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල පමණක් අද පැවැත්වෙයි. ඒ සඳහා සියල්ලෝම එක් නොවන නමුත් ජාතීන් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4300 ක් මෙවර ගෝල්ඞ් කෝස්ට් තරග බිමට පිවිසෙති.
මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 79 ක් සහ නිලධාරීහු 39 ක් සහභාගි වී සිටිති.
තරගාවලිය ක්‍රීඩා 23 කින් සමන්විතය. මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ ක්‍රීඩකයන්ට දිනාගත හැකි පදක්කම් සංඛ්‍යාවම දිනාගැනීමට ක්‍රීඩිකාවන්ටත් අවස්ථාව සලසා තිබීමයි. තරගාවලියේ සියලුම තරග හෙට (5 වැනිදා) සිට ආරම්භ වේ.
වසර 1930 දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව සිටි රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීමේ අවස්ථාව ඇතිවය. එහෙත් යටත්විජිතවාදය ලොවෙන් සහමුලින්ම තුරන්ව ඇති මෙවන් යුගයක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක අවශ්‍යතාව කුමක්ද යන්න ඇතැම්හු විමසති. එහෙත් තරගාවලි සංවිධායකයන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි රටවල් වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කරන්නට තවත් දේවල් ඉතිරි වී ඇති බවයි.
“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පරම්පරා ගණනාවක් පැවතුණා. දැන් එය සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා” යයි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ග්‍රෙවෙම්බර්ග් මහතා පැවසීය.
“බොහෝ දේවල ඉතිහාසය පොදුරාජ්‍ය මණ්ඩලයට අභියෝග කරනවා. සාමය, සහයෝගීතාව, මානව හිමිකම් වගේම යහපැවැත්ම කියන දේවල්. ඒත් අපේ පැත්තෙන් බලනවා නම් මේ ක්‍රීඩා උළෙල එදාට වඩා වැදගත් වෙන්නේ අදටයි” යයිද ඬේවිඞ් ග්‍රෙවෙම්බර්ග් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.