Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැමෝවා දූපතේදී මේ මස 5 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (1 වැනිදා) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගිව වන අට දෙනකුගෙන් යුත් කණ්ඩායමට මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4 ක්, බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 3 ක් සහ ස්කොෂ් ක‍්‍රීඩිකාවක් ඇතුළත්ව සිටිති. මෙම කණ්ඩායමට නිලධාරීහු පස් දෙනකු ද සහභාගි වෙති.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ජාතික ස්කොෂ් ශූරී මිහිලියා මෙත්සරණි පත්කර තිබේ.
මීටර 400 කඩුලූ පැන දිවීම සහ මීටර 400 ඉසව්වේ ශ්‍රී ලංකා යොවුන් ශූරිය වන යමානි දුලාංජලීද මෙම තරගාවලියට සහභාගි වන අතර ඇය මීට පෙර ද ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.
පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා ස්කොෂ් ක‍්‍රීඩිකාවක් සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ. මිහිලියා ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ පසු වන්නීය. ඇය ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර ඉරානයේදී පැවැති 22 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකා කණ්ඩායම:
මිහිලියා මෙත්සරණි (ස්කොෂ්), ධම්මික රණතුංග (උස පැනීම), මනුක සුරංජිත් රාජපක්‍ෂ (මීටර 400 කඩුලූ පැන දිවීම), යමානි දුලාංජලී (මීටර 400 කඩුලූ පැන දිවීම සහ මීටර 400) සහ පූර්ණිමා කල්පනී (දුර පැනීම), බෙවිෂාන් ජිත් විජේවික‍්‍රම (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 77), ඉසුරු උපේක සේනාධීර (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 85) සහ ශ්‍රීමාලි සමරකෝන් (බර ඉසිලීම - කි.ග‍්‍රෑ. 48)
කණ්ඩායම් නිලධාරීහු
අනෝමා රත්නායක මහත්මිය (කණ්ඩායම් භාර නිලධාරීනි), අරුණ බණ්ඩාර මහතා (මලල ක‍්‍රීඩා පුහුණුකරු), යස්මින් සරුක් මහත්මිය (ස්කොෂ් පුහුණුකාරිනි), එම්. ජී. එන්. ආර්. බණ්ඩාර මහතා (බර ඉසිලීමේ පුහුණුකරු) සහ වරුණ ඉදුනිල් ප‍්‍රියශාන්ත මහතා (සම්භාහක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.