Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ දිගින් දිගටම පරාජය වූ පොලිස් කණ්ඩායම ප‍්‍රබල දොන් බොස්කෝ කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැබීමට අද (3) පොලිස් පිටියේ දී සමත් විය.
මෙම තරගයට සහභාගි වනවිට පොලිස් කණ්ඩායම තරගාවලියේ ”බී” කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව අවසන් ස්ථානයේ පසුවූ අතර ඔවුන්ට පරාජය වූ දොන් බොස්කෝ කණ්ඩායම ඒ වනවිට එහි තෙවැනි ස්ථානයේ පසුවිය. කෙසේ වුවත් දොන් බොස්කෝ කණ්ඩායම ඊයේ ලද පරාජය තරගාවලියේ ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් නොවීය.
දොන් බොස්කෝ සමග යුද හමුදා, පොලිස්, රිනවුන් යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් ද කොළඹ ලීග, රත්නම් හා කළුතර බ්ලූස්ටාර්ස් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන් ද මේ වනවිට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.
‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සෙසු එකම කණ්ඩායම බවට පත්වීමට මේ වනවිට ගුවන් හමුදා කණ්ඩායම වැඩි ඉඩක් ලබා තිබේ. ඔවුන්ට ඒ සඳහා තවත් තරග දෙකකට සහභාගිවීමේ අවස්ථාව ද හිමිව තිබේ.
වැස්ස හේතුවෙන් සති අන්තයේ දී තරග තුනක් අත්හිටුවීමට සිදුවිය. තරගාවලියේ මූලික වටයේ අවසන් භාගයට මේ වනවිට පැමිණ තිබෙන අතර අදියර - 2 තරග වටයේ පැවැත්වීමට තවත් තරග කීපයක් පමණක් ඉතිරිව තිබේ. එබැවින් අර්ධ අවසන් පූර්ව වටයට මේ වනවිට පිවිස සිටින කණ්ඩායම්වල වෙනසක් සිදුනොවන අතර කෙසේ වුවත් එම තරග වටය පැවැත්වෙන දින පාපන්දු සම්මේලනය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැත.
තරග ප‍්‍රතිඵල
⋆ රත්නම් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී (1-0)
⋆ කුරුණෑගල පෙලිකන්ස් පිල හා යුදහමුදා පිල අතර තගරය ජය පැරදුමෙන් තොරයි.
⋆ රිනවුන් පිල විසින් කුරුණෑගල පෙලිකන්ස් පිල පරාජය කරන ලදී (6-2)
⋆ කොළඹ ලීග් පිල විසින් නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී (4-0)
⋆ පොලිස් කණ්ඩායම විසින් මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම පරාජය කරන ලදී (1-0)
⋆ කළුතර පාත් පිල හා වෙන්නප්පුව නිව් යංග්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
⋆ අනුරාධපුර පොලිස් පිල විසින් නාවලපිටිය අප්කන්ටි‍්‍ර පිල පරාජය කරන ලදී (2-0)
(ඡායාරෑපය - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.