Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පලඟ වටය යටතේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-12 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය.
උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී පොලිසියට ප්‍රසාද ලකුණක්ද හිමි විය. පොලිසිය මෙවර තරගාවලියේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කළ දෙවැනි අවස්ථාව මෙය විය. මූලික වටයේදී පොලිසිය හමුවේ ශ්‍රී ලයන්ස් පරාජයට පත් වූයේ ලකුණු 28-10 ක් ලෙසිනි.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-12 ක් ලෙස පොලිසිය පෙරමුණෙු පසු වූ අතර එහිදී ඔවුහු ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළහ. ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 3 ක් මගින් ලකුණු 21 ක් රැස්කළ පොලිස් ක්‍රීඩකයෝ, එහිදී ශ්‍රී ලයනස් ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව මෙම තරගයෙන් පොලිසියට ලකුණු 39-11 ක පහසු ජයක් හිමි විය.
මෙම තරගයේදී පොලිසිය වෙනුවෙන් ශානක හරිස්චන්ද්‍ර උත්සාහක දිනුම් 2 ක්ද, යොහාන් පීරිස්, විහඟ පවිතුරු සහ ශවීන් සමරතුංග එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් ලක්රන්ද සහ දුෂ්මන්ත ප්‍රියදර්ෂන උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.