Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප‍්‍රංශය, ඇමරිකාව, එක්සත් ජනපදය ජය ලබති

ප‍්‍රංශය, ඇමරිකාව, එක්සත් ජනපදය ජය ලබති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන මස 12 වැනිදා ආරම්භ වීමට නියමිත පාපන්දු ලෝක කුසලන තරගාවලියට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් මේ දිනවල ඒ සඳහා සූදානම් වෙමින් පුහුණු තරග වලට සහභාගි වෙයි. ඊයේ (27 වැනිදා) පැවැති පුහුණු තරග 3 කදී පහසු ජයග‍්‍රහණ ලබාගැනීමට ප‍්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය සමත් විය.

පැරීසියේ පැවැති තරගයකදී නෝර්වේ පිල පරදවා ගෝල 4-0 ක පහසු ජයක් ලබාගත් ප‍්‍රංශ කණ්ඩායම වෙනුවෙන් විගර් කී‍්‍රඩක මැතිව් වැල්බූනා ගෝල 3 ක් ම ලබාගැනීමට මඳ පාදා දුන්නේය. සම්පූර්ණයෙන්ම වාගේ ප‍්‍රංශ කී‍්‍රඩකයන්ගේ ආධිපත්‍යයට නතු වූ මෙම තරගයේදී වැල්බූනාගේ සාර්ථක පන්දු යොමු කිරීම් නිසා පෝල් පෝබා සහ ඔලිවර් ගිරූඞ් ගෝල දෙකක් බැගින් ලබාගත්හ.

සැන් ෆැන්සිස්කෝ නුවරදී පැවැති පුහුණු තරගයකදී අසර්බයිජාන් කණඩායම පරාජය කරමින් ගෝල 2-0 ක ජයක් ලබාගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් විය.

අතිරේක කී‍්‍රඩක මික්ස් ඩිස්කර්ඞ් 75 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත් අතර එයින් විනාඩි 8 කට පසුව ඒරන් ජොන්සන්ගේ හිසින් නික්මුණු පන්දුව අසර්බයිජාන ගෝල රකින්නා පරයමින් දැළ සොයා ගියේය.

එක්සත් ජනපද පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ජර්මන් පාපන්දු පිලේ හිටපු විශිෂ්ටතම කී‍්‍රඩකයකු වූ ජර්ගන් ක්ලින්ස්මාන්ය.

ජපානයේ ටෝකියෝ නගරයට මඳක් උතුරින් පිහිටි ‘සයිතමා’ නගරයේදී සයිප‍්‍රස් පිලට එරෙහිව පැවැති තරගයකදී ගෝල 1-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ජපාන කණ්ඩායම සමත් විය.

ජපාන පිල ලෝක කුසලන තරගාවලියට පිටත්ව යාමට පෙර පැවැති මෙම තරගය නැරඹීම සඳහා 60,000 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සඳුදා පැවැති තරගයකදී ස්ලොවේකියාව පරාජය කරමින් ගෝල 1-0 ක ජයක් ලබාගැනීමට රුසියානු පිල සමත් විය.


අදහස් (0)

ප‍්‍රංශය, ඇමරිකාව, එක්සත් ජනපදය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.