Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප‍්‍රසාදිගෙන් දුර පැනීමේ නව වාර්තාවක්

ප‍්‍රසාදිගෙන් දුර පැනීමේ නව වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර, උතුරු මැද පළාත් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන 46 වන ජෝන් ටාබට් කුසලාන කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (16) නව තරග වාර්තාවක් පිහිටුවීමට ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ප‍්‍රසාදි ලක්ෂානි සමත් වූවාය.

වයස 15න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේදී මීටර 5.32 ක දුරක් පනිමින් ප‍්‍රසාදි මෙම නව තරග වාර්තාව පිහිටුවූවාය.

මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාල‍යේ එස්.එස්.එස්. බුද්ධිනී 2000 වර්ෂයේදී මීටර් 5.27 ක් පනිමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණී.

වයස 14න් පහළ උස පැනීමේ බාලිකා ඉසව්වේදී මීටර් 1.41 ක දක්ෂතාවයක් දැක්වූ ගම්පහ බුත්පිටිය විදුහලේ කේ. පී. කාවින්දි සහ එම වයස් කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයේදී මීටර් 21.45 ක දක්ෂතාවයක් දැක්වූ කඳාන සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස් විද්‍යාලයේ පූර්ණිමා සඳරුවනි රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

වයස 15න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම තිඹිරිගස්කටුව දුටුගැමුණු මහ විදුහලේ අවිෂ්කා සෙනාලි මීටර් 21.73 ක් වාර්තා කරමින් දිනාගත් අතර, වයස 14 න් පහළ බාලක හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රාජාංගනය මැදි විදුහලේ ටී. සඳරුවන් මීටර 39.74 ක්  දක්ෂතාවක් දක්වමින් දිනා ගත්තේය.

වයස 12 න්, 13 න්, 14 න්, සහ 15න් පහළ වයස් සීමා යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 5500ක් පමණ සහභාගී වන ජෝන් ටාබට් මලල ක‍්‍රීඩා ශූරතාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූපය - අනුරාධපුර විශේෂ චතුර රංගන සහ විකුම් ප්‍රියදර්ශන


අදහස් (0)

ප‍්‍රසාදිගෙන් දුර පැනීමේ නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.