Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ පිල අසීරු අඩියක

බංග්ලාදේශ පිල අසීරු අඩියක

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (5 වැනිදා) නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 62 කට කඩුලු 6 ක් බිඳ වැටී අසීරු තත්වයකට පත්ව සිටියේය.

දෙවැනි දිනය අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 301 ක් පසුපසින් සිටි අතර දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි මහමදුල්ලා රියාද් ලකුණු 15 ක්ද, නුරුල් හසන් ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දෙවැනි ඉනිමේදී බංග්ලාදේශ මුල් පෙළ සුනුවිසුණු කර දැමූ ශැනෝන් ගේබි්‍රයෙල් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන් නායක ජේසන් හෝල්ඩර් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 15 ක් පමණක් ලබා දෙමිනි.

පළමු දිනය වූ පෙරේදා (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 205 ක් එක්කර ගත්හ. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය ලබාගත් ක්‍රෙග් බ්‍රැත්වේට් (121), එය හතරේ පහර 11 කින් අලංකාර කළේය.

පළමු දිනයේ අවසන් ඕවර කිහිපයට මුහුණදීම සඳහා රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි දේවේන්ද්‍ර බිෂූ (19) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බ්‍රැත්වේට් සමත් විය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 43
(ලිටන් දාස් 25, කේමර් රෝච් 8/5, මිගෙල් කමින්ස් 11/3, ජේසන් හෝල්ඩර් 10/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 406
(ක්‍රෙග් බ්‍රැත්වේට් 121, ඩෙවෝන් ස්මිත් 58, කිරන් පවෙල් 48, ශායි හෝප් 67, ජේසන් හෝල්ඩර් 33, කේමර් රෝච් 33, අබු ජයේද් 84/3, මෙහෙදි හසන් 101/3, සකීබ් අල් හසන් 71/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 62
(මහමදුල්ලා රියාද් නොදැවී 15, ශැනෝන් ගේබි්‍රයෙල් 36/4, ජේසන් හෝල්ඩර් 15/2)


- 036

 


අදහස් (0)

බංග්ලාදේශ පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.