Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක්ම වාර්තා වූ නමුත් මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) බංග්ලාදේශ නැඟී එන පිලේ පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්හ.
බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 501 ක් ලබාගත් නමුත් අද දිනයේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 298 කි. තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී, බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 203 කින් ඉදිරියෙන් සිටින නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව සිටී.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 කට ලකුණු 472 ක් ලබා සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 500 කඩයිම පසුකිරීමෙන් පසුව සිය ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකා නැඟී එන පිලේ ආරම්භක පිතිකරුවා වූ අභිෂේක් ලියනආරච්චි දෙවැනි ඕවරයේදීම දැවී ගිය අතර දෙවැනි කඩුල්ලත් ලකුණු 19 ක්ව තිබියදී බිඳ වැටුණේය. එහෙත් නවෝද් පරණවිතාන (136) සහ නායක සොනාල් දිනූෂ (106) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 223 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු පුවරුව කඩුලු 2 කට 242 ක් ලෙස වෙනස් කළහ. මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 49 ක් ඇතුළතදී පිතිකරුවෝ පස් දෙනෙක් දැවී ගියහ.
බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 9 ට 501 යි
(ප්‍රාන්ටික් නැව්රෝස් නබීල් 41, අයිචි මොල්ලා 147, මහමුදුල් හසන් ජෝයි 66, ශදාත් හොසේන් 93, අබ්දුල්ලා අල් මමුන් 26, ප්‍රිටෝම් කුමාර් 69, අහමඞ් ශරීෆ් 10, හසන් මුරාඞ් 21, එෂාන් මාලිංග 106/5, නිපුන් ප්‍රේමරත්න 84/2)
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 7 ට 298 යි
(නවෝද් පරණවිතාන 136, සොනාල් දිනූෂ 106, අහන් වික්‍රමසිංහ 23, කල්හාර සේනාරත්න නොදැවී 12, හසන් මුරාඞ් 55/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.