Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 43 කට සීමා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය හයවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක් විය. 1955 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී නවසීලන්තය කණ්ඩායම දැවීගිය ලකුණු 26, ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.
බංග්ලාදේශ කණ්ඩායමට මෙම කණගාටු දායක තත්වය උරුම කර දීමට පුරෝගාමී වූ කේමර් රෝච් ඕවර 5 ක් යවමින් ලකුණු 8 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. එහිදී ඔහුට අනගි සහයක් දුන් මිගෙල් කමින්ස් ලකුණු 11 කට කඩුලු 3 ක්ද, නායක ජේසන් හෝල්ඩර් ලකුණු 10 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බංග්ලාදේශ පිතිකරුවන් 9 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දවාගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූ අතර ඉන් සිවු දෙනෙක්ම පිටියෙන් ඉවත් ගියේ ලකුණු ලබාගැනීමටත් පෙර වීම කැපී පෙනෙන සිදුවීමක් විය. වැඩිම වේලාවක් පිටියේ රැදී සිටි බංග්ලාදේශ පිතිකරුවා බවට පත් වූ ආරම්භක පිතිකරු ලිටන් දාස් හතරේ පහර 2 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 25 කි.
පිළිතුරු ඉනිම ඇරඹූ කොදෙව් කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වේට් හතරේ පහර 8 ක් සමග ලකුණු 88 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු දේවේන්ද්‍ර බිෂූ එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ඩෙවෝන් ස්මිත් (58) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බ්‍රැත්වේට්, ඉන් නොනැවතී කිරන් පවෙල් (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ස්මිත්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පවෙල්ගේ ඉනිමද හතරේ පහර 7 කින් සමන්විත විය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 43
(ලිටන් දාස් 25, කේමර් රෝච් 8/5, මිගෙල් කමින්ස් 11/3, ජේසන් හෝල්ඩර් 10/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 201
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 88, ඩෙවෝන් ස්මිත් 58, කිරන් පවෙල් 48)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.