Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැති 19 න් පහළ බාලිකා විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කළ බංග්ලාදේශ බාළිකාවෝ තුන්වැනි තරගය ජයගත්හ. තරග 4 කින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති.
මග්ගොනදී අද (8 වැනිදා) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් නායකා මනුදි නානායක්කාර පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තාය. එහෙත් බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නියන් හමුවේ රිසි සේ ලකුණු ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.
ශ්‍රී ලංකා ඉනිමට නියමිත පන්දු 120 න් පන්දු 65 ක්ම නිළකුනු පන්දු වූ අතර ශ්‍රී ලංකා ඉනිමට ඇුතුළත් වූයේ හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් පමණි. දැහැමි සේනාරත්න (24) සහ හිරුණි හංසිකා (නොදැවී 24) දෙදෙනා පමණක් ලකුණු 20 සීමාව පසුකළහ.
පන්දු දෙකක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 109 පසුකර යාමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා යොවුන් බාළිකාවෝ - ඕවර 20කදී කඩුලු 6 ට 109 යි
(දැහැමි සේනාරත්න 24, මනුදි නානායක්කාර 16, රශ්මිකා සෙව්වන්දි 11, හිරුණි හංසිකා නොදැවී 24, ශෂිනි ගිම්හානි නොදැවී 14, අනීසා අක්තාර් 17/2)
බංග්ලාදේශ යොවුන් බාළිකාවෝ - ඕවර 19.4 කදී කඩුලු 6 ට 113 යි
(ෆහෝමිදා චෝයා 38, සාදියා ඉස්ලාම් 24, සුමයියා අක්තාර් 14, අෆියා අශීමා නොදැවී 26, රශ්මිකා සෙව්වන්දි 17/2, ශෂිනි ගිම්හානි 22/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.