Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ චිතගෝංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය සඳහා අද (4 වැනිදා) තරගය නතර කරන විට නායක මුෂ්ෆිකුර් රහීම් නොදැවී 62 ක්ද, නසිර් හුසේන් නොදැවී ලකුණු 19 ක්ද ලබා සිටියහ. අද දිනයේදී සිට ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය ලබාගත් රහීම්, එය හතරේ පහර 5 කින් අලංකාර කළේය.
ලකුණු 117 ක් වන විට කඩුලු 5 ක් බිඳ වැටී අසරණ තත්ත්වයකට පත්ව තිබූ බංග්ලාදේශ කණ්ඩායම ඉන් ගොඩගත් රහීම් 6 වැනි කඩුල්ල වෙනුවෙන් සබීර් රෙහෙමාන් (66) සමග එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. සබීර්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
බංග්ලාදේශ ඉනිමේ බිඳවැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීමට නේදන් ලයන් සමත් වූ අතර එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත් 11 වැනි අවස්ථාව ලෙස සටහන් විය. එහිදී ඔහු දවාගත් කඩුලු 5 ක් 4 ක්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීම් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 253
සෞම්‍ය සාකර් 33, මොමිනුල් හක් 31, සකීබ් අල් හසන් 24, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 62, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 19, නේතන් ලයන් 77/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.