Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
ඇෆ්ඝනිස්තානුවන්ගේ අවසන් කඩුලු 6 ම ලකුණු 21 ක් තුළදී බිම දමාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඊයේ (9 වැනිදා) සාජා නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 68 ක පහසු ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදෙශය කඩුලු 7 කට ලකුණු 252 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථානුවෝ ලකුණු 184 කට දැවී ගියහ. ඇෆ්ඝනිස්ථානය තරගාවලියේ සත්කාරකයන් වන හෙයින් මෙම තරගාවලිය සාජා රාජ්‍යයේදී පැවැත්වේ.
එය පන්දු යවන්නන්ගේ තරගයක් විය.
ඇෆ්ඝනිස්ථානු දඟ පන්දු යවන්නෝ සිව් දෙනාගේ පන්දු යැවීම එකතු කළ කල්හි එය 38-0-144-7 ක් ලෙසින් සටහන් විය. එහෙත් බංග්ලාදේශ දඟ පන්දු යවන්නෝ තිදෙනා එක්ව 21.3-2-72-5 වැනි පිළිතුරක් දුන්හ. අනෙක් අතට ඇෆ්ඝනිස්ථානු වේග පන්දු යවන්නන් ඕවර 12 කදී ලකුණු 108 ක් දෙමින් එකම කඩුල්ලක් හෝ දවාගත නොහී වෙහෙස වෙද්දී, බංග්ලාf්දශ වේග පන්දු යවන්නෝ ඕවර 22 කින් කඩුලු 4 ක් දවාගත්හ.
අවසානයේදී ලකුණු 253 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමේ ගමන ලකුණු 68 ක් මෑතින් නතර විය.
බංග්ලාදේශ ඉනිමේ නැංගුරම වූරයේ නායක නජ්මුල් හොසේන් ශන්ටෝගේ ඉනිමයි. පන්දු 119 කට මුහුණු දුන් නායකයා, 41 වැනි ඕවරයේදී දැවී යන විට ඔහු ලබාගත් ලකුණු 76 ට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ. ශන්ටෝගේ පිතිහරඹය මන්දගාමී එකක් ලෙසින් දිස්වූවත්, දිගින් දිගටම භාවිතා කර තිබූ සාජා තණතීරුවේදී ලකුණු ලබාගැනීම බෙහෙවින් අසීරු අභියෝගයක් වූයෙන් ඔහු තරගයේ විරයා සම්මානය ද හිමිකර ගත්තේය.
බංග්ලාදේශ ඉනිමේ 41 වැනි ඕවරයේදී මහමදුල්ලා දැවීයන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 ට 184 ක් ලෙසිනි. එහෙත් ජේකර් අලී (නොදැවී 37) සහ නසුම් අහමඩ් (25) දෙදෙනා එක්ව පන්දු 55 කින් ලකුණු 68 ක් තම පිලට එකතු කිරීමෙන් ලකුණු 250 කඩඉම පසුකර යාමට බංග්ලාදේශයට හැකි විය.
ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් යන්තම් හෝ සටනක් දුන්නේ රහමත් ෂා පමණි. පන්දු 76 කින් ලකුණු 52 ක් ලබාගත් රහමත් ෂා සත්කාරකයන් වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත් පිතිකරුවා විය.
ලකුණු 253 ක ඉලක්කය කරා යද්දී ඇෆ්ඝනිස්තානය වරෙක කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය. එහෙත් හෂ්මතුල්ලා ශහිදි දැවී යාමත් සමගින් ලකුණු 66 ක් ඇතුළත පිතිකරුවෝ 8 දෙනෙක් දැවී ගියහ.
තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (11 වැනිදා) පැවැත්වෙයි.
බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 7 ට 252 යි
(ටැන්සිඩ් හසන් 22, සෞම්‍යා සාර්කර් 35, නජ්මුල් හොසේන් ශන්ටෝ 76, මෙහෙදි හසන් මිරාස් 22, තව්හීද් රිදෝයි 11, ජේකර් අලී නොදැවී 37, නසුම් අහමඩ් 25, අහමඩ් ගසන්ෆාර් 35/2, රෂීඩ් ඛාන් 32/2, නැන්ගෙයාලියා කරෝටේ 28/3)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 43.3 කදී සියල දෙනා දැවී 184 යි
(සෙදිකුල්ලා අතාල් 39, රහමත් ෂා 52, හෂ්මතුල්ලා ශහිදි 17, ගුලාබ්දීන් නයිබ් 26, මොහොමඩ් නබී 17, රෂීඩ් ඛාන් 14, මෙහෙදි හසන් මිරාස් 37/2, මුස්ටෆිසුර් රෙහෙමාන් 37/2, නසුම් අහමඩ් 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.