Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය සුපිරි 8 දෙනාගේ වටයට
වි-20 ලෝක කුසලාන 2024

බංග්ලාදේශය සුපිරි 8 දෙනාගේ වටයට

editorial - 2024 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ නේපාලය සහ බංග්ලාදේශය අතර ශාන්ත විස්න්ටන්හි කිංග්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමටද බංග්ලාදේශයට හැකි විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ටැන්සිම් හසන් සහ මුස්තෆිසුර් රහමන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමු‍වේ ඕවර 19.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටැන්සිම් නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 7 ට කඩුලු 4 ක් දවාගත් අතර මුස්තෆිසුර් නිලකුණු ඕවරයක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

ලකුණු 26 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ කුෂාල් මල්ලා පන්දු 40 කදී හයේ පහරක් සහ හ‍තරේ පහරක් සමග ලකුණු 27 ක්ද, දීපේන්ද්‍ර සිං පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද රැස්කිරීමට සමත් වූ නමුත්, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්‍ලාදේශය ඕවර 19.3 ක් අවසානයේ ලකුණු 106 කට සීමාකිරීමට නේපාල පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට නේපාල පන්දු යවන්නන් ඉඩක් නොදුන් අතර සෝම්පාල් කාමි, සන්දීප් චැ‍මිචේන්, රෝහිත් පෞඩෙල් සහ දීපේන්ද්‍ර සිං කඩුලු 2 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.

 

බංග්ලාදේශය - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 106   
(සකීබ් අල් හසන් 17, මහමදුල්ලා රියාද් 13, රිෂාඩ් ‍හොසේන් 13, සෝම්පාල් කාමි 10/2, සන්දීප් චැ‍මිචේන් 17/2, රෝහිත් පෞඩෙල් 20/2,  දීපේන්ද්‍ර සිං 22/2)

නේපාලය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 85  
(අසීෆ්‍‍ ශෙයික් 17, කුෂාල් මල්ලා 27, දීපේන්ද්‍ර සිං 25, ටැන්සිම් හසන් 07/4, මුස්තෆිසුර් රහමන් 07/3, සකීබ් අල් හසන් 09/2)


අදහස් (0)

බංග්ලාදේශය සුපිරි 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.