Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නෙදර්ලන්තයට එරෙහිව හෝබාට් නුවරදී අද (24 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 135 කට සීමා කරමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ එම ජයග්‍රහණයට හිමිකම් කීහ.
නෙදර්ලන්ත ඉනිමේ පළමු පන්දු දෙකේදී පිට පිටම කඩුලු 2 ක් දවාගත් ටස්කින් අහමඩ් ආරම්භයේදීම පීඩනය දැඩි කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට තවත් පිතිකරුවන් දෙදෙනෙක් දුවද්දී දැවීයෑම්වලට හසුවීමත් සමග නෙදර්ලන්ත කණ්ඩායම කබලෙන් ලිපට ඇද වැටිණ.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් කොලින් ඇකර්මාන්, පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක් රැස්කළ නමුත් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම ඉනිම ප්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තේය. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෆීෆ් හොසේන් පන්දු 27 කදී ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ආරම්භක පිතිකරු නජ්මුල් හුසේන් පන්දු 20 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක් රැස්කළ අතර මොසැඩ්ඩෙක් හොසේන් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 20 කි.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 144
(නජ්මුල් හුසේන් 25, සෞම්‍ය සාකර් 14, අෆීෆ් හෝසේන් 38, මොසැඩ්ඩෙක් හොසේන් නොදැවී 20, පෝල් වැන් මීකෙරෙන් 21/2, බාස් ඩි’ ලීඩ් 29/2)
නෙදර්ලන්තය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 135
(කොලින් ඇකර්මාන් 62, ස්කොට් එඩ්වඩ්ස් 16, ටස්කින් අහමඩ් 25/4, හසන් මහමුද් 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.