Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයට එක් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 244 කට සීමා කිරීමට සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගත් සකීබ් අල් හසන්, දෙවැනි ඉනිමේදීද ලකුණු 85 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.
සිවුවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 109 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 156 ක් මෙපිටින් සිටියද, අද දිනයේදී ඔවුන්ගේ ඉතිරි කඩුලු 8 ම ලකුණු 135 ක් තුළ බිඳ වැටිණ.
දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගැනීමට ඬේවිඞ් වෝනර් (112) සමත් වුවද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 260
(තමීම් ඉක්බාල් 71, සකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහීම් 18, නසිර් හුසේන් 23, මෙහෙදි හසන් 18, ශෆියුල් ඉස්ලාම් 13, ඇස්ටන් ඒගර් 46/3, පැට් කමින්ස් 63/3, නේතන් ලයන් 79/3)
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 217
(මැතිව් රේන්ෂෝ 45, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 33, ග්ලේන් මැක්ස්වෙල් 23, ඇස්ටන් ඒගර් 41, පැට් කමින්ස් 25, සකීබ් අල් හසන් 68/5, මෙහෙදි හසන් 62/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 221
(තමීම් ඉක්බාල් 78, සෞම්‍ය සාකර් 15, මුෂ්ෆිකුර් රහීම් 41, සබීර් රෙහෙමාන් 22, මෙහෙදි හසන් 26, නේතන් ලයන් 82/6, ඇස්ටන් ඒගර් 55/2)
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 244
(ඬේවිඞ් වෝනර් 112, ස්ටීවන් ස්මිත් 37, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 15, ග්ලේන් මැක්ස්වෙල් 14, පැට් කමින්ස් 33, සකීබ් අල් හසන් 85/5, තයිජුල් ඉස්ලාම් 60/3, මෙහෙදි හසන් 80/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.