Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංගා බන්දු කුසලානෙන් ශ්‍රී ලංකාව දොට්ට

බංගා බන්දු කුසලානෙන් ශ්‍රී ලංකාව දොට්ට

රොෂාන් ගුණරත්න - 2016 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බංග්ලාදේශයේදී පැවැත්වෙන ‘බංගා බන්දු රන් කුසලාන’ පාපන්දු තරගාවලියේදී නේපාලය හමුවේ ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලැබු ශ‍්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.


 බංගා බන්දු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවැති මෙම තරගය ඇරැුඹී දෙවැනි මිනිත්තුවේදී බිමල් ගර්ති මගාර් ලබාගත් ගෝලය නේපාලයට ජයග‍්‍රහණය ගෙන දුන්නේය.


ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 188 ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 196 ස්ථානයේ සිටින නේපාලය හමුවේ පරාජයට පත්වීම ශ‍්‍රී ලංකා පාපන්දු පිලේ පසුබෑම පෙන්නුම් කෙරේ.


මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ මුලික වටයේ තරග දෙකම පරාජය වී එහි අවසන් ස්ථානය ලැබීය. බංග්ලාදේශය, නේපාලය, මැලේසියාවේ ෆෙල්ඩා යුනයිටඞ් පාපන්දු සමාජය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටියි. ශ‍්‍රී ලංකාව සහභාගි වු පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ගෝල 4/2 ක පරාජයක් ලැබීය.


ඉකුත් දෙසැම්බර් මස ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී නේපාලය ගෝල 1-0 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. ශ‍්‍රී ලංකා පාපන්දු පිල අවසන් පුර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය විය.


පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලිය පෙර සුදානම් තරගාවලියක් ද විය.


බංගා බන්දු තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගිවන මුලික වටයේ තෙවැනි තරගය හෙට (15) මැලේසියාවේ ෆෙල්ඩා යුනයිටඞ් පාපන්දු සමාජයට එරෙහිව පැවැත්වීමට නියමිතය.


  -090

 


අදහස් (0)

බංගා බන්දු කුසලානෙන් ශ්‍රී ලංකාව දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.