Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවති බංගාබන්දු කුසලාන ආසියානු කලාපීය චෙස් තරගාවලියේ පිරිමි අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු දිල්ෂාන් ලියන්ගේ සමත් විය.
ඉන්දියාව හැර, අනෙකුත් ආසියානු රටවල් 6 ක චෙස් ක්‍රීඩකයෝ 56 දෙනෙක් පිරිමි තරගාවලියට සහභාගීවූහ. මේ ක්‍රීඩකයින් අතරින් පැවති තරග වට නවයෙන් ලකුණු 7.5ක් ලබාගත් බංග්ලාදේශ් චෙස් ක්‍රීඩකයෙකුට තරගාවලියේ ශූරතාව හිමිවිය.තරග වට නවයෙන් ලකුණු 7 බැගින් සම ලකුණු ලබාගත් බංග්ලාදේශ් චෙස් ක්‍රීඩකයෙකු හා රනිදු දිල්ෂාන් ලියනගේ සම අනු ශූරයින් වුවද චෙස් ක්‍රීඩාවේ අවසාන ගනනයට අනුව රනිදු දිල්ෂාන්ට තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවූයේ ඊට හිමි ලෝකඩ පදක්කම ද සමගය.
මේ තරගාවලියේ කාන්තා ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගීවූ අතර ඔවුන් අතරින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සන්දුලා දහම්දීට පස් වැනි ස්‍ථානයත් ජනන්දනී අබේසිංහට එකොළොස් වැනි ස්ථානයත් මොරටුව විශ්ව විද්‍යාලයේ පසිඳි විජේසූරියට පහළොස් වැනි ස්ථානයත් හිමිවිය. මේ තරගාවලිය සදහා ආසියානු රටවල් 6 ක ක්‍රීඩිකාවෝ 22ක් සහභාගිවී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.