Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (26 වැනාදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 235 ලබා සිටියේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 56 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය නිමාවන විට ජොස් බට්ලර් ලකුණු 66 ක්ද, ඩොමිනික් බේස් ලකුණු 55 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිදුණ සම්බන්ධතාව ලණු 125 කි.
මෙම අර්ධ ශතකය ලබාගැනීමත් සමග මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට ඩොමිනික් බේස් සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. කලකට පසු එංගලන්තය ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ බට්ලර්, හතරේ පහර 6 ක් සමග සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේ 50.77 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවා ගනිමිනි.
මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට නායක ජෝ රූට් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 68 ක් ලබා සිටියේය. ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඬේවිඞ් මැලන් (12) සමග එක්ව එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රූට් සමත් විය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමගින් පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් අමීර්, මොහොමඞ් අබ්බාස් සහ ශඩාබ් ඛාන් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම අඩපණ කළහ.
දෙවැනි දිනය වූ පෙරේදා (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 350 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 13 ක් පමණි. එහිදී අසාර් අලී (50), අසාද් ශෆීක් (59), බාබර් අසාම් (68) සහ ශඩාබ් ඛාන් (52) පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
(ඇලිස්ටෙයාර් කුක් 70, ජොනි බෙයාස්ට්‍රෝ 27, බෙන් ස්ටෝක්ස් 38, මොහොමඞ් අබ්බාස් 23/4, හසන් අලී 51/4)
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 363
(අසාර් අලී 50, හාරිස් සොහේල් 39, අසාද් ශෆීක් 59, බාබර් අසාම් 68, ශඩාබ් ඛාන් 52, ෆාහීම් අෂ්රෆ් 37, මොහොමඞ් අමීර් නොදැවී 24, බෙන් ස්ටෝක්ස් 73/3, ජේම්ස් ඇන්ඩසන් 82/3, මාර්ක් වුඞ් 74/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 235
(ජෝ රූට් 68, ජොස් බට්ලර් නොදැවී 66, ඩොමිනික් බේස් නොදැවී 55, මොහොමඞ් අමීර් 35/2, මොහොමඞ් අබ්බාස් 36/2, ශඩාබ් ඛාන් 63/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.