Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බට්ලර් රාජස්ථාන් පිල දිනවයි

බට්ලර් රාජස්ථාන් පිල දිනවයි

ශනුක අරවින්ද - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 43 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී අවසන් ඕවරයේ 5 වැනි පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 60 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 95 ක් රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. 

බෙන් ස්ටෝක්ස් (11) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, ඉන් නොනැවතී සංජු සැම්සන් (21) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් රැස්කළේය. චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සුරේෂ් රයිනා පන්දු 35 කදී ලකුණු 52 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිනා සමත් වූ අතර පන්දු 31 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

නායක මහේන්ද්‍ර සිං දෝනි හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක්ද, සෑම් බිලින්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 176
(ෂේන් වොට්සන් 39, සුරේෂ් රයිනා 52, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 33, සෑම් බිලින්ස් 27, ජොෆ්රා ආචර් 42/2)

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම - ඕව 19.5 කදී කඩුලු 6 ක් දැවි 177
(ජොස් බට්ලර් නොදැවී 95, සංජු සැම්සන් 21, ස්ටුවට් බිනී 22)

-036


අදහස් (0)

බට්ලර් රාජස්ථාන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.