Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බට්ලර් රාජස්ථාන් පිලට ජය ගෙනෙයි

බට්ලර් රාජස්ථාන් පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොස් බට්ලර්ගේ (නොදැවී 94) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (13 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 18 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ජොස් බට්ලර් ජයග්‍රහණය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 94 ක් රැස් කිරීමට සමත්විය. පන්දු 53 කට මුහුණදුන් ජොස් බට්ලර්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතළත් විය.

අජින්ක්‍යා රහනේ සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ජොස් බට්ලර් තෙවැනි කඩුල්ල සදහා සංජු සැම්සන් සමගින් පන්දු 28 කදී ලකුණු 61 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ සූර්යකුමාර් යාදව් සහ එවින් ලෙවිස් සාර්ථක ආරම්භයක් ලබාදෙමින්  පළමු කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

අර්ධ ශතකයක් ලබාගත් එවින් ලෙවිස් පන්දු 42 කට මුහුණදෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ජොෆ්රා ආචර් සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර  බෙන් ස්ටෝක්ස් කඩුලු 2 ක් දවාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයටද සහභාගී කරවා ඇති අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකරමින් ඩි‘ආසී ශෝර්ට්, ශ්‍රීයාස් ගෝපාල් සහ ධාවල් කුල්කර්නී කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 168
(සූර්යකුමාර් යාදව් 38, එවින් ලෙවිස් 60, හර්දික් පාණ්ඩ්‍යා 36, ජොෆ්රා ආචර් 16/2, බෙන් ස්ටෝක්ස් 26/2)

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 171
(ජොස් බට්ලර් නොදැවී 94, අජින්ක්‍යා රහනේ 37, සංජු සැම්සන් 26, හර්දික් පාණ්ඩ්‍යා 52/2)

 


අදහස් (0)

බට්ලර් රාජස්ථාන් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.