Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බර්න්ස් - හෙඩ් ඕස්ට්‍රේලියානුවන් ඉහළට ගෙනයති

බර්න්ස් - හෙඩ් ඕස්ට්‍රේලියානුවන් ඉහළට ගෙනයති

Nisanka Sandeepani - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝ බර්න්ස් (නොදැවී 172) සහ ට්‍රැවිස් හෙඞ් (161) එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 308 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කැන්බෙරාහිදී අද (1 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට කරනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව කඩුලු කඩුලු 4 ක් දැවී ලකුණු 384 ක් රැස්කිරීමට සමත්විය.


ජෝ බර්න්ස් ලකුණු 172 ක් සහ කර්ටිස් පැටර්සන් ලකුණු 25 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 48 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමටද ඔවුන් සමත්වූහ.

ජෝ බර්න්ස් සිය සිවුවැනි ටෙස්ට් ශතකය හතරෙ හතරේ පහර 16 ක් සමගින් පන්දු 147 කදී රැස්කළේය ට්‍රැවිස් හෙඞ් සිය මංගල ටෙස්ට් ශතකය පන්දු 155 කදී ලබාගත් අතර ඊට අතරේ පහර 14 ක් ඇතුළත් විය.

විශ්ව ප්‍රනාන්දුගේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 161 ක් රැස්කර සිටි ට්‍රැවිස් හෙඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඔහු සමත්විය පන්දු 204 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි හෙඞ් හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සිය ඉනිමට එක්කර ගත්තේය විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට ට්‍රැවිස් හෙඞ්ට අවස්ථාව තිබුනද විනිසුරුගේ තීරණය සම්බන්ධයෙන් සෑහීමට පත්වූ ඔහු පිටියෙන් ඉවත් විය.

ශතකය ලබාගැනීමෙන් පසුව ලකුණු රැස්කිරීම වේගවත් කළ පිතිකරුවන් තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් කාළය තුළ කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 164 ක් රැස්කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දිවා ආහාරයට තරගය නතර කරනවිට ලකුණු 103 කට කඩුලු 3 ක් දැවී සිටි ඕස්ටේ්‍රලියාව දිවා ආහාරයත් තේ පානයත් අතර කාලය තුළදී කඩුල්ලක් ලබානොදෙමින් ලකුණු 117 ක් රැස්කිරීමට සමත්විය.

ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවූ විශ්ව ප්‍රනාන්දු සාර්ථක පන්දු යැවීමක නිරතවෙමින් ඕස්ට්‍රේලියානු මුල් පෙළ පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 15 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ වේගපන්දු යවන්නාවූ සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව සිටියද තරගය ආරම්භවන තෙක්ම ඔහුව ක්‍රීඩාකරවීමට ශ්‍රී ලංකා නායකයා බලාපොරොත්තු  තබා සිටියේය නමුත් ඒ අවස්ථාව සුරංග ලක්මාල්ගෙන් ගිලිහීයාම හේතුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට චාමික කරුණාරත්න සමත්විය.

ලකුණු 6 ක් රැස්කර සිටි මානස් ලබුස්චේන් පිටියෙන් ඉවත් කළ චාමික කරුණාරත්න සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගැනීමට සමත්විය.

පළමු භාගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තරමක් දුරට මෙල්ල කිරීමට සමත්වුවද දිවා ආහාරයෙන් පසුව පන්දු යවන්නන්ට රිසිසේ පහරදුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ පන්දු යවන්නන් දුර්වල කිරීමට සමත්වූහ.

2

1

 3

ඡායාරූප - ඒ.එෆ්.පී ඇසුරෙනි


අදහස් (0)

බර්න්ස් - හෙඩ් ඕස්ට්‍රේලියානුවන් ඉහළට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.