Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බස්නාහිර පළාත් උතුර පිලට කඩුලු 7 ක ජයක්

බස්නාහිර පළාත් උතුර පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (18 වැනිදා) පැවැති තරගයකදී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සමත් විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 45 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 69 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඕවර 8.4 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ.

උතුරු මැද පළාත් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ ලකුණු 11 කට කඩුලු 5 ක් බිඳ හෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


උතුරු මැද පළාත් කණ්ඩායම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 68
(අවිෂ්ක සේනාධීර 31, චමෝද්‍ය රුවන්වැල්ල 20, මහේෂ් තීක්ෂණ 11/5, පසිඳු උස්හෙට්ටි 05/2)

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම - ඕවර 8.4 කදී කඩුලු 3 කට 71
(මහේෂ් තීක්ෂන 27, අෂාන් ප්‍රනාන්දු නොදැවී 19, කමේෂ් නිර්මාල් 12, රුසිත් සේනාධීර 19/2)

 


අදහස් (0)

බස්නාහිර පළාත් උතුර පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.