Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනයේදී 42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල ආරම්භයේදීම බස්හිර පළාත රන් පදක්කම් 100ක් ඉක්මවා යන ලකුණු අද (29) දිනය අවසන් වනවිට පළ කර තිබුණි. මෙම කී‍්‍රඩා උළෙලේ වසර ගණනාවක් පුරා එකම ජයග‍්‍රාහකයා බවට පත්ව සිටින බස්නාහිර පළාත මෙලෙස ජාතික මහා කී‍්‍රඩා උළෙලකදී රන් පදක්කම් 100ක් අභිබවා ලබා ගන්නේ පළමු වතාවටය.
කොළඹදී ඊයේ (28) නිමාවට පත්වූ කි‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී රන් පදක්කම් 33න් 32ක්ම දිනා ගැනීමට සමත්වීම තුළ බස්නාහිර පළාත් ජාතික මහා කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ පළමු වතාවට මෙසේ රන් පදක්කම් සියයක් අභිබවා යාමට සූදානම්ව සිටියි. අද දිනය අවසන් වනවිට ඔවුන් දිනා සිටි රන් පදක්කම් ගණන 93කි.
ඊට බස්නාහිර පළාතට වඩාත් අවස්ථාවක් හිමිව තිබෙන්නේ ඉසව් 34කින් සමන්විත මලල කී‍්‍රඩා තරගාවලිය අද (30) සිට යාපනය දොරේඅප්පා පිටියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ බැවිනි. පසුගිය වසරේදී සමස්ත ශූරතාව දිනාගත් බස්නාහිර පළාත දිනා ගත් රන් පදක්කම් ගණන 81කි.
නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා තරග වාර්තා 18ක් බිහිවූ මෙවර පිහිනුම් තරගාවලියේදී දක්‍ෂතම පිහිනුම් කී‍්‍රඩකයා වූයේ නව තරග වාර්තා දෙකක් පිහිටු වූ බස්නාහිර පළාතේ අකලංක පීරිස්ය.
නව තරග වාර්තා දෙකක් (3) පිහිටු වූ එම පළාතේ විනෝදි කලූආරච්චි තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාව වූවාය. මෙවර තරගාවලියේදී පිහිනුම් එකම රන් පදක්කම බස්නාහිර පළාතෙන් පිටත කී‍්‍රඩිකාවක් ලෙස දිනා ගැනීමේ ගෞරවය ලැබුවේ මීටර් 50 නිදහස් ආරxකාන්තා ඉසව්වෙන් මධ්‍යම පළාත් දිල්රුක්‍ෂි පෙරේරා විසිනි.
මේ අතර පොළොන්නරුවේදී පැවැති කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම බස්නාහිර පළාත් විසින් දිනා ගන්නා ලදී. කාන්තා අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් පිල විසින් වයඹ පළාත් කණ්ඩායම ලකුණු 26/24, 25/23, 23/25, 25/15ක් වට 3x1කින් පරාජය කරන ලදී.
ලකුණු 25/16, 22/25, 25/18, 25/23ක් ලෙස වට 3-1ක් ලෙස පිරිමි අවසන් මහා තරගයේදී වයඹ කණ්ඩායම පරාජයට පත් කරමින් බස්නාහිර කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගත්තේය. මෙම තරග මාලාවේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස දීප්ත රොමේෂ් ද දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස තිළිණි වාසනාද තේරුණි. බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කරමිනි.
මෙවර කී‍්‍රඩා උළලේ දැල්පන්දු තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තේද බස්නාහිර පළාත් විසිනි. ජාතික මට්ටමේ කී‍්‍රඩාවෙන් බහුතරයකින් සමන්විත එම පළාත් කණ්ඩායම ලකුණු 55/44ක් ලෙසට ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ හිටපු නායිකා ගායනි දිසානායක ඇතුලූ එවැනිම ප‍්‍රබල කී‍්‍රඩිකාවන්ගෙන් සැදුම්ලත් මධ්‍යම පළාත් කණ්ඩායම අවසන් මහා තරගයේදි පරාජයට පත් කළේය.
එහිදී වට හතරේ ලකුණු තත්ත්වය වූයේ 15/10, 14/11, 14/11, 12/15ත් පරිදිය. තරගාවලියේ දැල්පන්දු රැජින ලෙස චතුරානි ෂානිකා වීරතුංග (බස්නාහිර) සම්මාන ලැබුවාය.
42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල ඊයේ පස්වරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. කී‍්‍රඩා උළෙල ආරම්භ කිරමේ නිවේදනය නිල වශයෙන් ඔහු ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ගිණි සිළුව දල්වා මෙවර කී‍්‍රඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.
ඒ අනුව අද සිට ලබන ඉරිදා (2) දක්වා පුරා දින තුනක් ‘දොරේඅප්පා’ පිටියේදී මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වේ. පාපන්දු, පැසිපන්දු, කබඩි/වෙරළ හා කඹ ඇදීමේ තරගාවලියද එහිදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.