Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බහුතර තේරීම බ‍්‍රසිලයයි

බහුතර තේරීම බ‍්‍රසිලයයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

පාපන්දු ක‍්‍රීඩාවේ සුපිරි බලවතා ලෙසින් ගොඩනගා ගෙන ඇති කිර්තිය තමන්ට හුරු පුරුදු භූමියේදීම යළිත් වරක් තහවුරු කරමින් බ‍්‍රසීලය සිය හයවැනි ලෝක කුසලානය දිනා ගනු ඇති බව නවතම සමීක්ෂණයකින් අනතුරුව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම සමීක්ෂණයේදී රොයිටර් පුවත් සේවය පාපන්දු ක‍්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන වෙළෙඳපොළ විශ්ලේෂකයන් 120 දෙනෙකු සහභාගි කරගෙන ඡුන්ද විමසීමක් පවත්වා ඇති අතර ඔවුන් බහුතරයකගේ පි‍්‍රයතම කණ්ඩායම වී ඇත්තේ බ‍්‍රසීලයයි.

ලෝක කුසලාන ප‍්‍රවේශ පත‍්‍ර අළෙවියේ පළමු වටය පසුගිය වසරේ ජූනි 12 වැනිදා ආරම්භ වූ අතර එහිදී ජාත්‍යන්තර පාපන්දු ලෝලීහු මිලියනයක් පමණ දෙනා තම රට වෙනුවෙන් ඔල්වරසන් දීමේ අවස්ථාවක් හිමි කර ගැනීම සඳහා තරග වැදුණහ. එසේ තිබියදීත්, ඉහත සමීක්ෂණයට ප‍්‍රතිචාර දැක්වූ පිරිසෙන් හරි අඩක්ම සිය හොඳම කණ්ඩායම ලෙස බ‍්‍රසීල කණ්ඩායම තෝරා ගෙන තිබේ.

මෙම ඡන්ද විමසීමේදී ජර්මනිය සහ තම සාම්ප‍්‍රදායික ප‍්‍රතිවාදියා වන ආර්ජන්ටිනාව අභිබවා යාමට බ‍්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

”මෙවර ලෝක කුසලානය දිනාගැනීමට වැඩිම අවස්ථාවක් තියෙන රට තමයි බ‍්‍රසීලය. ඒ නිසා මෙවර තරගාවලියේදී පරාජයට පත්වන එක බ‍්‍රසීලයට හරිම අසීරු කාරණයක් වේවි” යයි ටොරෙන්ටෝ නුවර සී.අයි.බී.සී. ආයතනයේ උපායමාර්ගික විශේෂඥයකු වන ජෝන් වෙල්ච් පවසයි.

”ඒත් බ‍්‍රසීල පුහුණුකරු ෆිලිප් ස්කොලාරි තමන්ගේ කණ්ඩායම ක‍්‍රීඩා කරවන විලාසය  දිහා බැලූවාම ඔවුන් 1950 දී මෙන් සෑම තරගයක්ම ගෝල 3 කින් හෝ 4 කින් දිනයි කියලා හිතන්න අමාරුයි” යයිද  ජෝන් වෙල්ච් වැඩිදුරටත් පැවසීය.

රොයිටර් ආයතනයේ ආර්ථික ඡන්ද විමසීම් සඳහා නිරන්තරයෙන්ම සහභාගි වන ලෝකයේ සෑම කලාපයක්ම කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක වන වෙළෙඳපොළ වෘත්තිකයන්ට මෙම ක‍්‍රීඩාමය ඡුන්ද විමසීම සඳහා සහභාගි වන ලෙස රොයිටර් පුවත් සේවය ආරාධනා කර තිබිණ. මෙම ඡුන්ද විමසීමට සහභාගි වූ ආර්ථික විශේෂඥයන්ගෙන් බහුතරයක් රටවල් 32 ක් තරග වදින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම සහභාගිත්වයක් ඇති යුරෝපය සහ දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කරන්නන්ය.

බ‍්‍රසීලය විශ්ලේෂකයන්ගේ සහ බුකීකරුවන්ගේ පි‍්‍රයතම කණ්ඩායම බවට පත්වූවත් අවසන් ලෝක කුසලානයට සාපේක්ෂව මෙවර ලෝක කුසලානය සම්බන්ධයෙන් බ‍්‍රසීලය සම්බන්ධයෙන් එතරම් ප‍්‍රබල උනන්දුවක් ඇති වී නැති බවද පෙනෙන්නට තිබේ.

2010 වසරේදී දකුණු අපි‍්‍රකාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ස්පාක්‍ද්ක්‍දයේ විජයග‍්‍රහණය ගැන බොහෝ දෙනෙකුගේ අනාවැකි සාර්ථක වුවත්, ඉතාලිය සිය සිවුවැනි ලෝක කුසලානය දිනාගත් 2006 තරගාවලියේදී ආර්ථික විශේෂඥයන් පැවැසූ අනාවැකි බොහෝමයක් අවාසනාවන්ත ලෙස වැරැදී ගියේය.

ලෝක කුසලාන තරග ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සඳහා සමහරු අතිනවීන සංඛ්‍යා ලේඛණ සැකසුම් ක‍්‍රමවේද උපයෝගී කරගත්තත් ඒ සෑම උපක‍්‍රමයක්ම ‘පෝල්’ විසින් පරාජය කරනු ලැබීය. ජර්මනියේ ඔබර්හවුසෙන් හි සාගර ජීවී මින්මැදුරේ ජීවත් වූ ‘පෝල්’ නම් බූවල්ලා 2012 ලෝක කුසලාන තරගාවලියේ තරග 14 කින් 12 ක ජයග‍්‍රාහකයා තෝරා දීමට සමත් විය.

ක‍්‍රීඩකයන්ගේ හුවමාරු වටිනාකම, ජනගහණය, සහභාගිත්වය සහ පොදු ජනතාවගේ බැඳීම යන කරුණු කාරණා මත පදනම්ව කළ ගණනය කිරීමකින් පසුව රොයිටර් පුවත් සේවය පවසන්නේ බ‍්‍රසීලයේදී සිය සය වැනි ලෝක කුසලාන ජයග‍්‍රහණය ලැබීමට බ‍්‍රසීලය තබා ඇති බලාපොරොත්තු ජර්මානුවන් විසින් බිඳ දැමෙනු ඇත.

නෙයිමාර් සහ ඔහුගේ සගයන් විසින් පසුගිය වසරේදී ගෝල 3-0 ක් ලෙසින් ස්පාක්‍ද්ක්‍දය පරාජය කරමින් කොන්ෆෙඩරේෂන් කුසලාන දිනාගැනීම මෙවර තරගාවලියේ බ‍්‍රසීල ජයග‍්‍රහණයට ඉතා හොඳ සූදානමක් වනු ඇත.

ලෝක කුසලානය වෙනුවෙන් වැය කරන අති විශාල ධනස්කන්ධය සම්බන්ධයෙන් බ‍්‍රසීල ජනාධිපති ඩිල්මා රොවුසෙෆ් ට විරුද්ධව බ‍්‍රසීලයේ  වීදි පුරා නොනවතින අරගලයක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණත් බ‍්‍රසීල කණ්ඩායමට සිය ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන විශ්වාස කළ නොහැකි සහයෝගය බ‍්‍රසීලය කණ්ඩායමේ ජයග‍්‍රහණය ගැන ආර්ථික විශ්ලේෂකයන් තුළ සුබවාදී හැඟීම් ඇති කිරීමට තවත් හේතුවක් වී තිබේ.

1950 වසරේදී අවසන් වරට බ‍්‍රසීලයේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගවලියේ අවසන් මහා තරගයේදී කිසිවකු නොසිතූ පරිදි උරුගුවේ කණ්ඩායම අතින් බ‍්‍රසීලය පරාජය විය. තම හුරුපුරුදු භූමියේ හුරුපුරුදු පේ‍්‍රක්ෂකයන් 200,000 ක් ඉදිරියේදී ලද ඒ පරාජයේ කටුක වේදනාව අදටත් බ‍්‍රසීල ජාතිකයන්ගේ හද රිදවයි. එහෙත් නිරන්තරයෙන්ම ජයග‍්‍රාහී පිපාසයෙන් පෙළුණු සුපිරි තරුව ‘පේලේ’ ප‍්‍රමුඛ බ‍්‍රසීල කණ්ඩායම ඉන් අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි හතරෙන් තුනක්ම ජයග‍්‍රහණයෙන් අවසන් කළේය.

ආර්ථික විශේෂඥයන්ට අනුව එදා උරුගුවේ කණ්ඩායම කළ වික‍්‍රමය මෙදා කළ හැකි කණ්ඩායමක් වේ නම් ඒ ජර්මනියයි. ඒ සම්බන්ධයෙන් ජර්මනියට ඡුන්ද 18 ක් ලැබී ඇති අතර ලයනල් මෙසී කී‍්‍රඩා කරන ආජෙන්ටිනා පිලට ලැබී ඇත්තේ ඡන්ද 13 කි. මෙවර අවසන් මහා තරගයට ස්පාක්‍ද්ක්‍දය සුදුසුකම් ලබාවියැයි බහුතරයක් දෙනා අනුමාන කළත් ඔවුන් පිට පිට දෙවැනි වතාවටත් ලෝක ශූරයන් වෙතැයි පවසා ඇත්තේ ඡන්ද දායකයන් 8 දෙනෙකු පමණකි.

බ‍්‍රසීලයට අභියෝගයක් දීමට එංගලන්තයට හැකිවෙතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. පාපන්දු ක‍්‍රීඩාවේ නිමැවුම්කරුවා ලෙසින් සැළකෙන එංගලන්තය මෙවර ලෝක කුසලානයේ පළමු අදියරෙන්ම තරගාවලියෙන් ඉවත්ව යනු ඇති බව සමීක්ෂණයට සහභාගි වූ විශේෂඥයන් 64 දෙනෙකුම පවසා ඇත.

”2002 ප‍්‍රංශ ලෝක ශූරතාවලියේදී වගේ එංගලන්තය මෙවරත් බ‍්‍රසීලයේ සිට ආපහු ගෙදර යන්නේ එකම එක ගෝලයක්වත් වාර්තා නොකරයි” යයි නෙඞ්බෑන්ක් හි ඉසාක් මැට්ෂිගෝ පවසයි.

බොහෝ දෙනෙකුගේ පි‍්‍රයතම කණ්ඩායම බ‍්‍රසීලය වුවත් පිට පිට සිවුවරක් ලෝකයේ හොඳම පාපන්දු ක‍්‍රීඩකයා ලෙසින් සම්මානය දිනා සිටින ලයනල් මෙසී මෙවර ‘රන් පාපන්දු’ සම්මානය හිමිකරගනු ඇති බව විශ්වාස කරන පිරිස 42 කි. මෙම  සම්මානය බ‍්‍රසීලයේ නෙයිමාර් විසින් දිනා ගනිතැයි විශ්වාස කරන්නේ 36 දෙනෙකු පමණකි.

තරගාවලියේ වැඩිම ගෝලලාභියාට හිමි ‘රන් පාවහන’ සම්මානයත් ලයනල් මෙසී දිනාගන්නා බව බහුතරයකගේ මතය වන අතර ඔහු හැරුණු කොට මෙම සම්මානය හිමිවෙතැයි පැවැසෙන ක‍්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ නෙයිමාර් සහ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ය.

1930 වර්ෂයේ සිටම තරග කරමින් ලෝක කුසලානය දිනා ඇති රටවල් කිහිපය හැරුණු විට බෙල්ජියම, කොලොම්බියාව සහ චිලී රාජ්‍යය මෙවර ලෝක කුසලානයේදී පෙරළිකාරයන් වනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.

යම් හෙයකින් බ‍්‍රසීලයට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වුවහොත් ලතින් ඇමෙරිකානු භූමියේදී පළමු වරට ලෝක කුසලානයක් දිනාගැනීම සඳහා යුරෝපීය රටකට හොඳ අවස්ථාවක් ලැබෙන බව සමීක්ෂණයට සහභාගි වී පිරිසෙන් 40% ක්ම පවසා ඇත.

කාලගුණය, ආහාර හෝ ක‍්‍රීඩාලෝලීන්ගෙන් ලැබෙන අති විශාල සහයෝගය ආදී කුමන කාරණයක් නිදහස වෙනුවෙන් ගෙන හැර පෑවත් මේ දක්වා ලතින් ඇමෙරිකානු කලාපයේදී පැවැති ලෝක කුසලාන තරගාවලි 6 ම ජයගෙන ඇත්තේ ආජෙන්ටිනාව, බ‍්‍රසීලය සහ උරුගුවේ යන ලතින් ඇමෙරිකානු රටවල් තුන පමණි.

බැන්කෝ ඩෝ බ‍්‍රසීල් හි ආර්ථික විශ්ලේෂකයකු වන හැමිල්ටන් මොරෙයිරා පවසන ආකාරයට මෙවර ජයග‍්‍රාහකයා යුරෝපීය රටක් වීමට කිසිදු සම්භාවිතාවක් නැත.

”ඒ ඇයි......? උත්තරයි තමයි දෛවය” මොරෙයිරා පවසයි.

”යුරෝපීය රටවල් තුනක් කිසිම අවස්ථාවක පිට පිට ලෝක කුසලාන තරගාවලි 3 ක් ජයග‍්‍රහණය කරලා නැහැ. 2006 දී ඉතාලිය දින්නා...., 2010 ස්පාක්‍ද්ක්‍දය.... ඉතිං.....?’’ මොරෙයිරා අසයි.


අදහස් (6)

බහුතර තේරීම බ‍්‍රසිලයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.