Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රාවෝ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට

බ්‍රාවෝ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී (2018) එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ‘නැට්වෙස්ට් බ්ලාස්ට්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ඇතුළත් කරගැනීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.  

ඒ අනුව මෙවර තරගාවලියේදී මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි20 තරග 6 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බ්‍රාවෝට හිමිවනු ඇත. ජූලි මස 5 වැනිදා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ඔහු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වන මංගල තරගය වේ. බ්‍රාවෝ සහභාගිවන අවසන් තරග පැවැත්වෙන්නේ ජූලි මස 26 වැනිදා හැම්ප්ෂෙයර් ප්‍රාන්ත කණ්ඩායට එරෙහිවයි.

තිස් හතර වැනි වියේ පසුවන බ්‍රාවෝ මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 66 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 1142 ක් රැස්කිරීමටද, කඩුලු 52 ක් දවාගැනීමටද ඔහු සමත්වී ඇත. ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 24.29 ක අගයක් ගන්නා අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 28.26 ක අගයක් ගනී.

එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියකදී බ්‍රාවෝ ක්‍රීඩා කරන සිව්වැනි ප්‍රන්තය ලෙස මිඞ්ල්සෙක්ස් ප්‍රන්තය හැදින්විය හැකි අතර මින් පෙර ඔහු කෙන්ට්, එසෙක්ස් සහ සරේ යන ප්‍රාන්ත කණ්ඩායම් වලට ක්‍රීඩා කර තිබේ.

කැරිබියන් ප්‍රිමියර් ලීග්, ඉන්දීය ප්‍රිමියර් ලීග්, බිග් බෑෂ් සහ පාකිස්තාන සුපර් ලීග් වැනි ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන පෙළේ විස්සයි20 තරගාවලි රැසකට සහභාගි වී ඇති බ්‍රාවෝ, විස්සයි20 තරග 386 කදී ලකුණු 5636 ක් රැස්කිරීමටත්, කඩුලු 421 ක් දවාගැනීමටත් සමත්ව සිටියි.

“බ්‍රාවෝ කියන්නේ ලෝකෙ ඉන්න හොඳම විස්සයි20 ක්‍රීඩකයෙක්. අවාසනාවකට වගේ ඔහු අපිත් එක්ක එක් වෙන්නේ තරග 6 ක් සඳහා පමණයි. එත් ඒ තරගවලදී ඔහු කැපී පෙනෙන අයුරින් ක්‍රීඩා කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ගස් ෆ්‍රාස්ටර් මහතා පවසයි.


- 036

 


අදහස් (0)

බ්‍රාවෝ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.