Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඉරිදා (14 වැනිදා) ජායිපූර්හිදී පැවැති තරගයෙන් ලකුණු 112 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. බැංගලෝර් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් තරගාවලියේ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවාගැනීමටද ඔවුන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 10.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 59 ක් පමණි. එය අයි.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම රාජස්ථාන් කණ්ඩායම දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද විය. මින් පෙර 2009 වසරේදී රාජස්ථාන් කණ්ඩායම බැංගලෝර් කණ්ඩායම හමුවේ ලකුණු 58 කට දැවී ගොස් තිබිණ.
රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිම්රන් හෙට්මෙයර් පන්දු 19 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම රාජස්ථාන් කණ්ඩායමට විශාල පාඩුවක් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේන් පනේල් ලකුණු 10 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර මයිකල් බ්‍රාස්වෙල් සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් රැස්කළ අතර එහිදී නායක ෆෆ් ඩුප්ලෙසි (55) සහ ග්ලේන් මැක්ස්වෙල් (54) අර්ධ ශතක ලබමින් බැංගලෝර් ඉනිම සවිමත් කළහ. පන්දු 44 කදී වාර්තා වූ ඩුප්ලෙසිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 33 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 171
(විරාට් කෝලි 18, ෆෆ් ඩුප්ලෙසි 55, ග්ලේන් මැක්ස්වෙල් 54, අනූජ් රාවට් නොදැවී 29, ඇඩම් සම්පා 25/2, කේ.එම්. අසීෆ් 42/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 10.3 කදී සියලු දෙනා දැවී 59
(ශිම්රන් හෙට්මෙයර් 35, වේන් පනේල් 10/3, මයිකල් බ්‍රාස්වෙල් 16/2, කරන් ශර්මා 19/2)
-036
namal rajapakse Tuesday, 16 May 2023 01:46 PM
ඒක නම් සුපිරියි...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.