Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර බැංගලෝර්හිදී අද (17) පැවැති දිනයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
ලකුණු 188 ක ඉලක්කය හඹායමින් සිටි බැංගලෝර් ඉනිමේ දෙවැනි ඕවරයේදී වර්ෂාව ඇද හැලීම නිසා තරගය අත්හැර දැමීමට සිදුවිය.
මෙහිදී බැංගලෝර් පිලට ලැබුණු ප‍්‍රසාද ලකුණත් සමඟ ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා දෙවැනි ස්ථානයේ පැමිණෙමින් අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
චෙන්නායි පිල ප‍්‍රසාද ලකුණු 18 ක් සමගින් පළමු ස්ථානයේ ද, රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා තෙවැනි ස්ථානය ද, හිමිකරගෙන සිටියි.
කුවිටන් ඞී කොක් පන්දු 39 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 69 ක් රැස්කරමින් දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. නායක ජේ. පී. ඩුමිනි පන්දු 43 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස් කළේය.
දිල්ලි පිල නියෝජනය කරන ඇන්ජලෝ මැතිිව්ස් ලකුණක් ලබා පන්දු යවන්නාගේ අන්තයේ සිටියදී දුවද්දී දැවී ගියේය. බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 187
(කුවිටන් ඞී කොක් 69, ශියාස් අයියර් 20, ජේ. පී. ඩුමිනි නොදැවී 67, සුවරාජ් සිං 11, සයුරොබ් තිවාරි නොදැවී 13, හර්ෂල් පටෙල් 30/2, යුවෙන්ද්‍ර චහල් 26/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 1.1 කදී කිසිවකු නොදැවී 2
- 048
ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.