Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බුම්රා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ දොරටුව අබියස

බුම්රා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ දොරටුව අබියස

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ ඉතිරි තරඟ දෙකෙන් ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර තිබේ. ඔහුගේ මෙම ආබාධය නිසා ලබන මාසයේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහාත් බුම්රාගේ සහභාගිත්වයද සැක සහිත මට්ටමක තිබේ.

ආබාධයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියටත් බුම්රා ක්‍රීඩා නොකළේය. නැවතත් සංචිතයට පැමිණි බුම්රා, “කොන්දේ වේදනාවක් තියෙනවා” යයි කියාසිටීම හේතුවෙන් බදාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ආරම්භක වි-20 තරගයට ක්‍රීඩා නොකළේය.

මෙම තරගයේදී ඉන්දියානුවෝ කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්හ.

“කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු ඉතිරි තරග දෙකෙනුත් ඉවත්ව සිටීවි” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

“ඔහු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ස්කෑන් වාර්තා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා දැන්ම කිසිවක් කියන්න බෑ” යයි ද එම නිලධාරියා පැවසීය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි වේගපන්දු යවන්නාගේ පිටකොන්දේ අස්ථියක සියුම් පිපිරීමක් ඇතිවී තිබේ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය ඔහුට අහිමි වීමේ විශාල අවස්ථාවක් තිබේ. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝකයේ ඉහළම තරගාවලිය වන මෙම තරගාවලිය බුම්රාට අහිමි වුවහොත් ඉන්දීය පිලට නැවත වරක් මොහොමඩ් ශාමි වෙත හැරෙන්නට සිදුවනු ඇත.

28 හැවිරිදි බුම්රා පසුගියදා ඕස්ටේ්‍රලියාවට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කළ නමුත් ඔහුගේ හොඳම දක්ෂතා දැක්වීමට නොහැකි විය. ඉනිමක අග්ගිස්සේ තිබෙන ඕවර වලදී, (විස්සයි-20 තරග වලදී නම් අවසන් ඕවර 4) බුම්රාගේ පන්දු යැවීමේ දස්කම් ඉන්දීය කණ්ඩායමට අහිමි වනු ඇත.

දණහිසේ ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජදේජාටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු ආසියානු කුසලාන තරගාවලිය අතරමගදීම තරගාවලියෙන් ඉවත් විය.

- 213


අදහස් (0)

බුම්රා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.