Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙංගලූරු ක්‍රීඩකයෝ හිස් අතින් ගෙදර යති
අයි.පී.එල්. - 2024

බෙංගලූරු ක්‍රීඩකයෝ හිස් අතින් ගෙදර යති

editorial - 2024 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. ඒ අනුව බෙංගලූරු කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ අතර රාජස්ථාන් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් හිමිකර ගත්තේය. 

කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කළ යුතුය. එම තරගය හෙට (24 වැනිදා) පස්වරු 7.30 ට චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මේ වන විටත් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවාගෙන සිටියි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ ඕවර 19 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. රෝමන් පවෙල් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ඔහුට අනගි සහායක් දුන් ශිම්රන් හැටිමෙයර් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් රැස්කළේය. 

ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් පන්දු 30 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 45 ක්ද, රියාන් පරාග් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. ටොම් කොලර් කැඩ්මෝ පන්දු 15 කින් ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බෙංගලූරු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 172 ක් ලබාගත් අතර බෙංගලූරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රජත් පටීදාර් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් මහීපාල් ලෝමර් පන්දු 17 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවේෂ් ඛාන් ඕවර 4 ක් යවමින් ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත් අතර හයිද්‍රාබාද් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අශ්වින්, සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළුවේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. 

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 172 
(විරාට් කෝලි 33, ෆෆ් ඩුප්ලෙසී 17, කැමරන් ග්‍රීන් 27, රජත් පටීදාර් 34, මහීපාල් ලෝමර් 32, අවේෂ් ඛාන් 44/3, රවිචන්ද්‍රන් අෂ්වින්  19/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී 174 
(යෂස්වි ජයිස්වාල් 45, ටොම් කොලර් කැඩ්මෝ 20, සංජු සැම්සන් 17, රියාන් පරාග් 36, ශිම්රන් හැට්මෙයර් 26, රෝමන් පවෙල්  නොදැවී 16, මොහොමඩ් සිරාජ් 33/2) 
 
-036 


අදහස් (0)

බෙංගලූරු ක්‍රීඩකයෝ හිස් අතින් ගෙදර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.