Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මයික් ටවල් ග්ලැස්ගොව් සටන ආරම්භයේදී ..... |
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවරදී පැවැති බොක්සිං තරගයකදී මුහුණ දුන් පහර හේතුවෙන් පරාජිතයා වූ මයිකල් ටවල් දිවියෙන් සමුගත්තේය. වේල්සයේ තරග කරුවකු වූ ඬේල් එවන්ස් සමග පසුගිය බ්‍රහස්පතින්දා පැවැති තරගයේ පස්වැනි වටයේදී ඇද වැටුණු මයිකල් වහාම රෝහලට රැගෙන ගියද ඔහු සෙනනසුරාදා අලුයම රෝහලේදී අවසන් හුස්ම හෙළීය.
25 හැවිරිදි මයික් ටවල් ස්කොට්ලන්තයේ ඩන්ඩී ප්‍රදේශයේ වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකි. පසුගිය වසර 21 ඇතුළත වෘත්තීය බොක්සිං තරග වලදී ඇතිවූ තුවාල හේතුවෙන් මියගිය තුන්වැනි බි්රතාන්ය ක්‍රීඩකයාද වන ටවල්, සිය ජීවිතය රැකගැනීමට අවසානය දක්වාම සටන් වැදුණු බව ඔහුගේ සහකාරිය වන කෝල් රොස් මහත්මිය කියා සිටියාය.
“මයිකල්ගේ මොළයේ තදබල ලේ ගැලීමක් මෙන්ම ඉදිමීමක් තිබුණා”
“පසුගිය සති කිහිපයේදීම ඔහු හිසේ ඇම්ම ගැන කිය කියා හිටියේ. ඒත් අපි හිතුවේ මේ තරගය නිසා ඇතිවන පීඩනය හේතුවෙන් ඔහුට ඉරුවාරදය තියෙනවා කියලයි”
“මගේ දරුවාට එයාගේ තාත්තා නැතිවුණා. ඒත් තාත්තාගේ දස්කම් ගැන එයා ආඩම්බර වේවි” යයිද කෝල් රොස් මහත්මිය කීවාය.
රෝහල්ගත කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය අයහපත් වූ හෙයින් මයිකල් ජීවිතාධාරක යන්ත්‍රයක් හා සම්බන්ධ කෙරිණ. එහෙත් ජීවිතාධාරක යන්ත්‍රය ඉවත් කිරීමෙන් පසුව ඔහුට ජීවත් විය හැකිවූයේ පැය 12 ක් පමණි.
බොක්සිං තරගයේ පළමුවැනි රවුමේදී ඇද වැටුණ නමුත් නැගී සිටි මයික් නැවතත් සටනට අවතීර්ණ විය. පස්වැනි රවුමේදී මයික් දෙවැනි වතාවටත් බිම ඇද වැටීමෙන් පසුව විනිසුරු වික්ටර් ලෆ්ලින් මහතා තරගය නතර කළේය.
බොක්සිං වළල්ල තුළදීම මයිකල්ට ප්‍රථමාධාර දුන් අතර ගිලන් රථයකින් රෝහල කරා ගෙන යාමට පෙර ඔහුට ඔක්සිජන් පවා දෙන ලදි.
මේ අතර පළපුරුදු බොක්සිං ක්‍රීඩකයන් පවසන්නේ මයික් ටවල්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බලධාරීන් දැන සිටියා නම් ඔහුට තරග වැදීමට අවස්ථාව නොලැබෙන බවත් සියලුම වෛද්‍ය පරීක්ෂණ කරගැනීම ඔහු සතු වගකීමක්ද වන බවයි.
“ඒක ඇත්ත නම් (තරගයට පෙර පැවැති හිසරදය) ඔහු සටන් නොකළ යුතුව තිබුණා. වෛද්‍යවරුන් එය දැන සිටියා නම් ඔහුට තරග කරන්නට කීයටවත් ඉඩදෙන්නේ නැති බව මට විශ්වාසයි” යයි බොක්සිං තරග ප්‍රවර්ධකයකු වන ෆ්රෑන්ක් වොරන් මහතා කියයි.
ඡායාරූපය : එස්. ටී. වී. අනුග්රහයෙනි
(බී. බී. සී. අනුග්රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.