Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෝයගොඩගෙන් තවත් ශතකයක්

බෝයගොඩගෙන් තවත් ශතකයක්

Nisanka Sandeepani - 2018 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී හසිත බෝයගොඩ ලබාගත් දෙවැනි ශතකය හමුවේ බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද (28 වැනිදා) සමත්විය. ඒ අනුව පළඟ ශූරතා අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකාවට වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ නවවැනි ස්ථානය හිමිවිය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකාව අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරිමට සමත්විය. ආරම්භක පිතිකරුවන්වු හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් පළමු කඩුල්ල සදහා ලකුණු 218 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
 
පන්දු 124 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 116 ක් රැස්කළ හසිත බෝයගොඩ කෙන්යාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 191 ක් රැස්කරමින් ලෝක වාර්තාවකට හිමිකම් කිමට සමත්විය.
 
ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවැති පළමු තරගයේදී ලකුණු නොලබා දැවියාම හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිවූ බෝයගොඩ නැවතත් කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවන්නේ තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව විසිවූ පසුවය.
 
බෝයගොඩට අනගි සහයක් ලබාදුන් ධනංජය ලක්ෂාන්ට තරගාවලියේදී ලබාගැනීමට තිබූ දෙවැනි ශතකය (98) ලකුණු දෙකක් මෙපිටින් දැවීයාම හේතුවෙන් අහිමිවී ගියේය. පන්දු 119 කදි වාර්තාවූ ධනංජය ලක්ෂාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්වූ අතර අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදි ශතකයක් රැස්කිරීමට සමත්විය.
 
හසිත බෝයගොඩ දැවීයාමෙන් අනතුරුව පන්දුවට පහරදිම සදහා පැමිණි පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ නොසිතු විලස ලකුණු 19 ක් තුළ කඩුලු 5 ක් දවාගැනීමට බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩයෝ සමත්වූ අතර ඉන් දෙකක්ම දුවද්දී දැවීයාම් විය.
 
තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට එක් ලකුණකු අවශ්‍යව තිබූ අතර එම ලකුණු ලබාගැනීමට හරීන් බුද්ධිලට පන්දු 4 ක් අවශ්‍යවිය.
පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් පිතිකරුවෝ ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 254 ක් රැස්කිරීමට සමත්වූහ.
 
තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ ඇලික් ඇතෑන්ස් ඉනිම නිමාවන විට පන්දු 110 කට මුහුණදෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 5 කින් ඔහුගේ ඉනිම අලංකාර කිරීමට සමත්විය. කෙන්යාව එරෙහිව පැවැති තරගයේදීද ශතකයක් ලබාගැනීමට ඇලික් ඇතෑන්ස්ට හැකිවිය.
 
ලකුණු 63 කට කඩුලු 3 ක් දැවි තිබියදි සිවුවැනි කඩුල්ල සදහා කර්ස්ටන් කලිචරන් සමගින් ලකුණු 59 ක සම්බන්ධතාවයක් ගොඩනැගු ඇලික් ඇතෑන්ස් හයවැනි කඩුල්ල සදහා බ්‍රැඞ් බාන්ස් සමගින් පන්දු 89 කදි නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
 
 
 

අදහස් (0)

බෝයගොඩගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.