Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෝල්ට් - ගැට්ලින් තවත් සටනකට අරඅඳිති

බෝල්ට් - ගැට්ලින් තවත් සටනකට අරඅඳිති

Dilrukshi - 2015 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බීජිං නුවර ‘කුරුළු කැදැල්ලේ’ (බීජිංහි ඔලිම්පික් කී‍්‍රඩාංගණය) පැවැත්වෙන ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේ පස්වැනි දිනය වූ බදාදා (26 වැනිදා)  වැඩි ගෞරව දිනාගැනීමට කෙන්යාව සමත් වූ නමුත් දිනයේ අවධානය හිමිකරගත්තේ උසේන් බෝල්ට් සහ ජස්ටින් ගැට්ලින් දෙදෙනාය.

තමන්ගේ රන් පදක්කම් මල්ලට කෙන්යානුවන් තවත් රන් පදක්කම් දෙකක් එක්කර ගනිද්දී මීටර 200 අවසන් පූර්ව තරග පහසුවෙන්ම ජයගනිමින් ජස්ටින් ගැට්ලින් සහ උසේන් බෝල්ට් තවත් ද්වන්ධ සටනකට සැරසෙමින් සිටියහ.

බෝල්ට් මීටර 200 වත්මන් ලෝක ශුරයා මෙන්ම එහි ලෝක වාර්තාවේද (තත් 19.19) හිමිකරුවාය. මෙවර ලෝක ශූරතාවලියේදීත් රන් පදක්කම දිනාගතහොත් එය මීටර 200 ඉසව්වේදී බෝල්ට්ගේ සිවුවැනි ලෝක ශුරතාව වනු ඇත.

මීටර 100 අවසන් මහ තරගයේදී තත්ත්පර 9.79 ක කාලයක් වාර්තා කරමින් තරගය ජයගත් බෝල්ට්, මීටර 200 අවසන් පූර්ව තරගයේදී තත්ත්පර 19.95 ක කාලයක් වාර්තා කළේය. එහෙත් ගැට්ලින්ගේ තත්ත්පර 19.87 මෙම ඉසව්ව සඳහා ඊයේ දිනයේ පැවැති හොඳම තරග කාලය විය.

අද (27 වැනිදා) රාති‍්‍රයේදී පැවැත්වීමට නියමිත මීටර 200 අවසන් මහ තරගයේදී මේ දෙදෙනා අතර හොඳ සටනක් බලාපොරොත්තු විය හැකිය.

ලෝක මලල කී‍්‍රඩාවේ නව බලවේගයක් ලෙස හිස ඔසවමින් සිටින කෙන්යානු කී‍්‍රඩකයෝ ඊයේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම සහ බාධක දිවීමේ රන් පදක්කම් දිනාගත්හ.

මේ වන විට ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේ හොඳම දස්කම් පෙන්වමින් සිටින කෙන්යානුවන් මෙවර තරගාගවලිය ජයගැනීමට හොඳටම ඉඩ තිබේ. ඔවුන්ගේ දස්කමට කැළලක් වීමට ඉඩ තිබෙන එකම කාරණය නම් කී‍්‍රඩිකාවන් දෙදෙනකු තහනම් උත්තේජක ගත් බවට සනාථ වීමයි.

මේ වන විට රන් පදක්කම් 6 ක් සමගින් පදක්කම් පුවරුවේ පෙරමුණ ගැනීමට කෙන්යානුවන් සමත්ව සිටින අතර දෙවැනි ස්ථානයේ පසුව මහා බි‍්‍රතාන්‍යය සතුවන්නේ රන් පදක්කම් 3 ක් පමණි. ජැමෙයිකාව රන් පදක්කම් 2 ක් සමගින් තුන්වැනි ස්ථානයේ සිටී.

 


අදහස් (0)

බෝල්ට් - ගැට්ලින් තවත් සටනකට අරඅඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.