Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 100×4 ඉසව්වෙන් ජැමෙයිකානු කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමත් සමඟ උසේන් බෝල්ට් තමන්ගේ ලෝක ශූරතා පදක්කම් මල්ලට 11 වැනි රන් පදක්කමද එක්කර ගත්තේය.
උසේන් බෝල්ට් ප‍්‍රමුඛ ජැමෙයිකානු මීටර 100×4 කණ්ඩායම තරගය අවසන් කළේ තත්පර 37.36 ක වාර්තාගත කාලයකිනි.
සුදුසුකම් ලැබීමේ තරග අවසානයේදී, මහ බි‍්‍රතාන්‍යය අවසාන තරගයට එක්වූයේ මෙවර තරග සමයේ හොඳම කාලය වාර්තා කරමිනි. අවසානයේදී ඔවුනට කිසිදු පදක්කමක් දිනාගැනීමට නොහැකි වූ අතර, ඊට හේතුවූයේ, බි‍්‍රතාන්‍යයේ මීටර 100×4 කණ්ඩායමේ ජේම්ස් එලින්ටන් හා චීජින්ඩු ඌජා අතර නිවැරැදිව යෂ්ටිය හුවමාරු නොවීමයි.
එක්සත් ජනපද කණ්ඩායම දෙවැනියා ලෙස තරගය නිම කළද, අවසන මීටර 100 දී යෂ්ටිය නියමාකාරයෙන් හුවමාරු නොකිරීම නිසා තරගයෙන් ඉවත් කරන ලදි. ඒ අනුව, චීනයට රීදි පදක්කමද, කැනඩාවට ලෝකට පදක්කමද හිමිවිය.
බි‍්‍රතාන්‍යයේ මීටර 100×4 පිරිමි කණ්ඩායම අවසාන තරගයට එක්වූයේ, මෙම තරගවාරයේ හොඳම කාලය වාර්තා කරමිනි. සුදුසුකම් ලැබීමේ වටයේදී දිවගිය හැරි අයිකීන්ස් වෙනුවට අවසාන තරගයට ඌජා එක්කිරීමට පියවර ගත්තේ ඔහු මීටර 100 ඉසව්ව තත්පර 10 ට අඩුවෙන් නිමා කරන කී‍්‍රඩකයකු වන බැවිනි.
එහෙත් අවසානයේදී යෂ්ඨි හුවමාරුව වැරදී ගියේය.
තම 27 වැනි උපන්දිනය සමරමින් හැරී අයිකීන්ස් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා ඇත්තේ තරග පරාජය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවය. ඔහු තරගයට සහභාගී නොවූයේ ඇයි ද යන්න විමසමින් පේ‍්‍රක්ෂකයන්ගෙන් වැල නොකැඞී ප‍්‍රශ්න ආ බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබිණි.
රිචඞ් කිට්ලි ලබාගත් හොඳ තරග ආරම්භයත් සමඟ, දෙවැනි මීටර 100 දී ඩැනි ටැල්බෝට් හොඳින් තරග කිරීමත් සමඟ බි‍්‍රතාන්‍ය මීටර 100×4 කණ්ඩායමක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කළ ද, එලින්ග්ටන් හා ඌජා අතර යෂ්ටි හුවමාරුව නිසි පරිදි නොවූ නිසා සියලූ අපේක්ෂා බිඳ වැටුණි. එලින්ටන් ආසන්නයට පැමිණීමටත් පෙර, ඌජා දිවයන්නට වූයේ ඇයිදැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කර තිබිණ.
උසේන් බෝල්ට් මෙම තරගාවලියේදී දිනාගත් තෙවැනි රන් පදක්කම මෙයයි. ඔහු මීට පෙර මීටර 100 හා 200 ඉසව්වලදීද රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය.
මීටර 100×4 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ද ජැමෙයිකා කණ්ඩායම සමත්වූයේ, මීටර 100 ඉසව්වේ ශූර ෂෙලි ඈන් ෆ්‍රෙසර්ගේ සහභාගීත්වය ඇතිවය.
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.